බ්‍රැන්ඩික්ස් ට වැඩ වරදින ළකුණු

සිය නොසැලකිලිමත්භාවය නිසා මෙරට දෙවැනි කොරෝනා රැල්ල නිර්මාණය කිරීමට දායක වූ බ්‍රැන්ඩික්ස් සමාගම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට රජය තීන්දු කර තිබේ .යම් හෙයකින් එමඟින් බ්‍රැන්ඩික්ස් සමාගම වැරදිකරුවෙකු බව තහවුරු වුවහොත් ඔවුන්ගෙන් වන්දියක් ලබා ගත යුතු යැයි මෙරට ප්‍රධාන පෙළේ වෘත්තිය සංගම් ගණනාවක් රජයට යෝජනා කර ඇත .

කොරෝනා දෙවැනි රැල්ල නිසා මෙරට නිදහස් වෙළෙඳ කලාප පහක සේවය කරන 70000 ක් පමණ සේවක සේවිකාවන් ගේ රැකියා අනතුරට වැටී තිබේ .දැනටමත් බොහෝ කම්හල් වසා දමා ඇත .මෙරට කාර්මික අපනයනයෙන් 50% ක් පමණ මෙම මාසයේ අඩාල විය.එසේම ඇඟලුම් කම්හල්වලට ලැබුණු ඇණවුම් අනුව නිෂ්පාදන වලින් 1/3 ක් ඔක්තෝබර් මාසය තුළ සිදුකර ගත නොහැකි බව ඇඟලුම් කම්හල් හිමියන්ගේ සංගමය පවසයි .

මෙරට කොරෝනා වසංගත ය නිසා ඇතැම් රටවල් විසින් ශ්‍රී ලාංකික ඇඟලුම් කම්හල්වලට ලබා දුන් ඇණවුම් රැසක් අවලංගු කරනු ලැබීය .මේ නිසා ජනතාව ට පුද්ගලිකවත් ,රටේ ආර්ථිකයට ත් පුළුල් ලෙස කොරෝනා දෙවැනි රැල්ල විසින් පහර දී තිබේ .ඒ නිසා ඊට වගකිවයුත්තන් සොයා ඔවුන්ට එරෙහිව පියවර ගැනීම පිණිස පූර්ණ බලතල සහිත පරීක්ෂණ කොමිසමක් පත් කරන්නයැයි රජයේ වෘත්තිය සමිති සන්ධානය දැනටමත් ඉල්ලීමක් කර ඇත .

Leave a reply: