අකිල සහ ප්‍රවීන්ගෙන් පන්දුවෙන් දස්කම්

දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම සහ අකිල ධනංජය දැක්වූ දස්කම් හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ඉනිම ලකුණු 225කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව තෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟයෙන් ජය ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 47කදී ලකුණු 227ක් ලබා ගත යුතු වෙයි.

ප්‍රවීන් සහ ධනංජය කඩුලු තුන බැගින් දවාගැනීමට සමත් වූහ.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ප්‍රිත්වි ශෝ ලකුණු 49ක් ලබා ගත්තේය.

(Courtesy of adaderana.lk)

Leave a reply: