අගමැති මෝඩිගෙන් ජනාධිපති ගෝඨාභයට ඉහළම සහතිකයක්.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට කොරෝනා වසංගතය තුරන් කිරීම සඳහා ඉටු කරන ප්‍රශස්ත මෙහෙවරට ඉහළම ගෞරවය පුද කළේය .

අද (සෙනසුරාදා )දහවල් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශේෂ දුරකථන ඇමතුමක් ලබා දී සංවාදයක් පැවැත්විය.එම සංවාදයේදී කොරෝනා වසංගතය තුරන් කිරීම සඳහා ගෝඨාභය ජනාධිපතිවරයා ගනු ලැබූ සෘජු තීරණ, පළ කරනලද ඉහල කාර්ය සාධනය සහ ගන්නා ලද පුර්ව ආරක්ෂක පියවර නිසා ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය දැඩි ලෙස පාලනය කර ගත් රටක් ලෙස වාර්තා පොතට එක් වූ බව මෝදි අග්‍රාමාත්‍යවරයා ප්‍රශංසා මුඛයෙන් ඒ සඳහන් කර ඇත.

කොරෝනා වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ඉන්දියාව ශ්‍රී ලංකාව මෙහෙම මෙම කටයුත්ත සාර්ථකව ඉටුකර ආකාරය පිළිබඳව ඉතා සියුම්ව නිරීක්ෂණය කළ බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එයින් බොහෝ පාඩම් උගත් බව ද සඳහන් කර ඇත. ඉදිරියේදීත් ශ්‍රී ලංකාව සමඟ සුහදව රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන බව පැවසූ ඉන්දීය නායකයා එම සබඳතා පැවැත්වීමේ දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතාවන් ට මුල් තැන දීම තම රජයේ ප්‍රතිපත්තිය බව ද ගෝඨාභය රාජපක්ෂ මහතාට අවධාරණයෙන් පැවසීය.

Leave a reply: