අන්තිම මොහොතේ නැවතුන සජිත් පිලේ මන්ත්‍රීන් හතර දෙනා.

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ආණ්ඩුව සමග ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටි සජිත් පිලේ තවත් මන්ත්‍රීවරුන් හතරදෙනෙකුගේ පැමිණීම රජය විසින් අවසන් මොහොතේ නතර කරනු ලැබීය. ඒ විශේෂ දේශපාලන උපායමාර්ගයක් උදෙසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරයි.

සජිත් ප්‍රේමදාසගේ නායකත්වය ගැන පුද්ගලිකව කලකිරී සිටින සජිත් පිලේ සජිත් විරෝධීන් ලෙස හැඳින්වෙන මෙම මන්ත්‍රීන් හතර දෙනා කොන්දේසි විරහිතව රජයට සහය දීම සඳහා ඉදිරිපත්වූහ. මොවුන් හතර දෙනාම තරුණ මන්ත්‍රීන් වන අතර එයින් තිදෙනෙක් දින 52 ආණ්ඩුව කාලයේ ද මහින්ද ආණ්ඩුවට එක්වීමට උත්සාහ කලේය.මෙයින් එක් අයෙක් වරප්‍රසාද උදෙසා පක්ෂ මාරු කිරීම ගැන නම් දරු වැඩිපුර ආණ්ඩුවට බනින මන්ත්‍රී මන්ත්‍රීවරයෙකු වීමද විශේෂයකි .දකුණ, ඌව, සබරගමුව, සහ උතුරු මැද පළාත් මොවුහු නියෝජනය කරති.

නිදහස් මතධාරි එක්සත් ජාතික පක්ෂයයෙන්කැඩී ආ සජිත් පිල මහින්ද රාජපක්ෂ මෙන් ජාතිකවාදී පිළිවෙතකට තල්ලුවී මහින්ද කොපි කරන්නට ගොස් පිටපිටම ලබාගත් තුන්වෙනි දේශපාලන පරාජය පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අත්පත් කර ගත්තේය.
මෙවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන විවාදයේ දී ඒබ්‍රහම් ලින්කන්ගෙන් පටන්ගෙන වසල සූත්‍රය දක්වා නොයෙක් පණ්ඩිත කතා කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හැකිතාක් උත්සාහ කළේ කොරෝනා වසංගතයට මුවාවී විස්සේ විවාදය කල් දමා ගන්නටයි.එහෙත් එම උත්සාහය ව්‍යාර්ථ වූ අතර රජය තුනෙන් දෙකක බහුතර බලයකින් විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනු ලැබීය.

Leave a reply: