ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

අන්තිම සතියේ බොරුව සමාජගත කිරීමේ වැඩපිළිවෙළක්

මහ මැතිවරණ ජයග්‍රහණය සිහිනයක් බවට පත්වීම නිසා සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් සතිය තුළ අසත්‍ය සමාජගත කිරීමේ සියුම් ප්‍රචාරණ වැඩසටහනක් දියත් කිරීමට රහසිගත තීන්දුවක් ගෙන ඇත .

සමගි ජනබලවේගයේ ප්‍රචාරක අංශය බාරව සිටින චම්පික රණවක ,හරීන් ප්‍රනාන්දු ,එස් .එම්.මරික්කාර් ,අජිත් පී පෙරේරා ආදින් මේ ගැන පසුගිය සිකුරාදා පක්ෂ අභ්‍යන්තරයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව සජිත් පිලේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි .

එහිදී බොරු ප්‍රචාර සමාජගත කර ජනමතය වෙනස් කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම හරීන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා ට පැවරුණි.අද වන විට ඔහු එම කටයුත්ත ආරම්භ කර ඇති අතර හරීන් විසින් ජන්ද වේදිකාවේ කරන ලද අසත්‍ය ප්‍රකාශයකින් අවධාරණය කළේ 2019 අප්‍රේල් මස සිදු කළ පාස්කු බෝම්බ ප්‍රහාරය සැලසුම් කළේත් ඊට අණ දුන්නේත් රාජපක්ෂලා බවයි.එ.ජා.ප යහපාලන රජය බිඳ හෙලීම සඳහා රාජපක්ෂවරුන් මෙම ප්‍රහාරය දියත් කරවූ බව හරීන් වැඩිදුරටත් කීය.

එ.ජා.ප යට කතෝලික ජන්ද අහිමි කිරීම පාස්කු ප්‍රහාරයේ අරමුණ බව ද ඔහු කියා තිබුණි .

තමන් ගේ පියා මෙම ප්‍රහාරය ගැන රහස කල් තබා දැනගෙන තමන්ට පැවසූ නිසා එදින පල්ලියට නොගිය බව කලකට පෙර ප්‍රකාශ කළ හරීන් ප්‍රනාන්දු රාජපක්ෂවරුන් පාස්කු ප්‍රහාරය සැලසුම් කළායැයි කීම හාස්‍යයෙන් යුතුව බැහැර කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.මේ සතියේ දිනකට එක බැගින් මෙවැනි අසත්‍ය ගොතන ලද පුවත් සමාජගත කිරීමට සජිත් පිල සැලසුම් කර ඇතැයි ද පවසයි .

ඉදිරි දිනවල චම්පික රණවක සහ එස්.එම් මරික්කාර් විසින්ද මීට සමාන පුවත් කිහිපයක් ප්‍රසිද්ධ කිරීමට නියමිතය. සජිත් පිලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එය ඔවුන්ගේ අවසන් ප්‍රචාරක තුරුම්පුව බවය.

Leave a reply: