අනුරගේ හා හරිනිගේ වැදි බණ

ජනතා විමුක්ති පෙරමුණ එ.ජා.පයේ ශාඛාවක් බවට පත් කොට එහි ජන්ද පදනම 3% බස්සවා වාර්තාවක් තැබූ එහි නායක අනුර දිසානායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අභූත චෝදනාවක් නගා තිබේ .ඒ ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට යි.එසේම ළඟදී එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ හරිනි අමරසූරිය කියා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ රටේ පාලනය ගැන දැනුමක් නැති රාජ්‍ය පාලනය ට නුසුදුසු කෙනෙක් බවය .

මේ දෙදෙනාගේම තර්ක එසේ තිබියදී මතුවන තවත් ප්‍රශ්න කිහිපයක් ඇත .අනුර දිසානායක කියන විදිහට මේ ජනාධිපති ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව ඔහුට පෙනී ගොස් තිබේ .එහෙත් ඔවුන් පිහිටුවන ලද යහපාලන රජයේ ජනාධිපති අගමැති හා අසාද් සාලි වැනි ඇම්බැට්ටයන් එකතු වී ව්‍යවස්ථානුකූලව පත් වූ අගවිනිසුරුට තර්ජනය කොට ඉවත් කිරීම
ව්‍යවස්ථානුකූලද යන්න අනුර දිසානායක රටට කිව යුතුය .

එසේම නීති විරෝධී එෆ්.සී.අයි ඩීය මගින් විපක්ෂයේ දේශපාලනඥයන් මර්දනය ව්‍යවස්ථාව ට හා නීතිය ට එකඟ ද? යන්නත් අනුර දිසානායක අපට කිව යුතුය .

ගෝඨාභය රාජපක්ෂ ට බැන්නොත් ළකුණු වැටෙනවා යැයි සිතන හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය ඔහු අසාර්ථක පාලකයෙකු බව කියයි ඊට පෙර ඇය තමන් නියෝජනය කරන පක්ෂයේ නායක අනුර දිසානායක ගේ සාර්ථකත්වය ගැන රටට පැහැදිලි කළ යුතුය .රෝහණ විජේවීර සැදූ ජ.වි.පෙ අනුර දිසානායක විසින් අලියා ගේ පිට උඩ තබා කනත්තට ගෙන ගිය පසු අලියා පිට නැගී සීනුව ගසන හරිනි අමරසූරිය ට රට නිදහස් කර ගත් නායකයාගේ හරි වැරැද්ද සෙවීමට තිබෙන සුදුසුකම කුමක්දැයි රටට පැහැදිලි කළහොත් වඩාත් යහපත් බව මෙරට බහුතර ජනතාව ගේ මතයයි .

Leave a reply: