ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

අනුර කුමාර දිසානායකගෙන් රනිල්ට අනාවැකියක්

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ මුණගැසී අනාවැකියක් කියූ බව එ .ජා .ප ආරංචි මාර්ග සදහන් කරයි. මෙම හමුවීම සිදුවී ඇත්තේ කොලඹ දී රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පැවැත්වූ සාකච්ඡාවකදීය.

එහිදී අනුර කුමාර දිසානායක රනිල්ට කියා ඇත්තේ ‘ඔබතුමා ළගදීම විපක්ෂ නායක ධුරයට පත්වනවාය’කියායි. ඒ ඇයිදැයි රනිල් විමසූ කල අනුර කියා ඇත්තේ එ.ජා .ප යේ ජනාධිපති ධූර අපේක්ෂකයා නියත වශයෙන්ම පරාජය වන බැවින් විපක්ෂ නායක ධුරය ඉබේම රනිල්ගේ ඔඩොක්කුවට කඩා වැටෙන බවයි. ඒ අවස්ථාවේ රනිල් අනුර දිසානායකට පැවසූයේ අපේ පක්ෂයේ පණ්ඩිතයන් දැනටමත් සජිත්ගෙන් පාඩම් ඉගෙන ගෙන ඇති බවයි. ජනාධිපතිවරණ පරාජයෙන් පසු සජිත් නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත් කොට නියෝජ්‍ය නායකයන් වශයෙන් රවී කරුණානායක සහ සාගල රත්නායක පත් කරන බවද රනිල් අනුර දිසානායකට මෙහිදී පැවසීය.

Leave a reply: