අනුර කුමාර වෙනුවට ජවිපෙ නායකත්වයට නම් තුනක් .

ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් බවට පත් කොට ජනාධිපතිවරණයේදී ඇපත් නැති කර ගත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක එම තනතුරෙන් ඉවත් කිරීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීන්දු කර ඇතැයි වාර්තා වේ .මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට කැඳවන ලද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී එහි ජේෂ්ඨයන් සියයට අනූපහක් පමණම අනුර දිසානායකට බරපතළ චෝදනා එල්ල කොට ඇත්තේ ඔහු පක්ෂය එක්සත් ජාතික පක්ෂයෙන් යැපෙන තැනට පත් කළ බව කියමිනි .

ඒ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි මැතිවරණ කටයුතු මෙහෙය වීම සඳහා නව නායකයෙක් පත් කිරීමට යෝජනා වී ඇත .ජවිපෙ නව නායකත්වය සඳහා පක්ෂයේ ජේෂ්ඨයන් තිදෙනෙකුගේ නම් තුනක් දේශපාලන මණ්ඩලය විසින් සලකා බලමින් සිටින බව වාර්තා වෙයි . ජනතා විමුක්ති පෙරමුණේ නව නායකත්වය සඳහා ටිල්වින් සිල්වා, ලාල් කාන්ත, හෝ සුනිල් හඳුන්නෙත්ති යන තිදෙනාගෙන් කෙනෙකු ජනවාරි මාසයේදී පත්කරනු ඇතැයි ජවිපෙ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි . පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද ලක්ෂ හතක් පමණ ලබා ගත් නමුත් මෙවර ජනාධිපතිවරණයේදී එම ඡන්ද සංඛ්‍යාව හාර ලක්ෂයකටඅඩුවූයේ අනුර කුමාර දිසානායකගේ එක්සත් ජාතික පක්ෂයට ගැති පිළිවෙත නිසා බවක් බව ජනතා විමුක්ති පෙරමුණේ ජේෂ්ඨයන් අනුර කුමාර දිසානායකට චෝදනා කර ඇත .මෙහිදී ඔහු නිහඬව සිටියා මිස කිසිදු පිළිතුරක් දී නැතැයි ද වාර්තා වේ .පසුගිය කාලයේ අනුර කුමාර දිසානායකට එජාප රනිල් වික්‍රමසිංහ ගේ අනුග්‍රහයෙන් මලික් සමරවික්‍රම මාසිකව රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් ගෙවූ බවට ජවිපෙ ජේෂ්ඨයො ඔහුට චෝදනා කරමින් ප්‍රකාශ කර ඇත.

Leave a reply: