අනුර දිසානායකගේ අභියෝගය

“එහෙනම් ගෝඨාභය අපි හැප්පිලා බලමු “යැයි ජවිපෙ 3% නායක අනුර දිසානායක ගෝරනාඩු කරති. මේ ගෝරනාඩුව අසන විට අපට මතක් වන්නේ පැරණි කතාවකි .ගැමියන් හැන්දෑවට සොහොන් පිටියක් ලඟින් යද්දි හිතේ බය හරවා ගන්නට කුණුහරප කියති .අනුර දිසානායක ද එසේය .

ජනතා විමුක්ති පෙරමුණ යූ.එන්.පීයේ දක්ෂිණ ශාඛාව බවට පත්කර නීති විරෝධී දූෂණ කොමිසමේ සේවය කොට රාජ්‍ය නීතිය උල්ලංඝනය කළ මේ තැනැත්තාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට යන විට ‘හැප්පිලා බලමු ‘යැයි කියති. අනුර දිසානායක කියන විදියට හැප්පිලා බැලිය යුතුය. ඔහුට කළුගලේ ඔළුව ගසා ගන්නට කැමැති නම් එය ඔහුගේ කැමැත්ත ය .

ජනතා විමුක්ති පෙරමුණ බිමටම හාන්සි කළ දිසානායක එදා නීතිවිරෝධී පොලිස් මූල්‍ය කොට්ඨාසයට නියෝග දුන් තැනැත්තෙකි .ගෝඨාභය රාජපක්ෂට පමණක් බොරු නඩු තිස් හයක් ඇට වූයේ මොවුන්ය. මොවුන්ගේ කොමිටියේ සිටි රාජිත සේනාරත්න ඇතුළු සිව් දෙනෙක් දැන් පොහොට්ටුව පස්සේ යන්නේ නීතියෙන් බේරෙන්නට ය .ඔවුන් එසේ සියල්ල පාවා දෙද්දී අනුර දිසානායක’ එහෙනම් හැප්පිලා බලමු ‘යැයි කියයි .සීත කාලයේ හිතේ බයට කියන මෙබඳු කතාවලට මහින්ද රාජපක්ෂලා වැනි පරිණත දේශපාලනඥයින් දෙකොනින් ම සිනාසෙනවා හැර වෙන කළයුතු දෙයක් නැතැයි රජය කියයි.

Leave a reply: