ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

අනුර දිසානායක පන්නා දැමීමට ලාල්කාන්ත සටනට .

රෝහණ විඡේවීරයන් විසින් සමාජවාදී විප්ලවකාරී පක්ෂයක් ලෙස ගොඩ නැගූ ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් බවට පත්කොට ජනපතිවරණයේදී ඇප මුදල පවා අහිමිකරගත් ජවිපෙ නායක අනුර දිසානායක එම තනතුරෙන් පන්නා දැමීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ලාල් කාන්ත ලාල් කාන්ත සටනක් ආරම්භ කොට තිබේ. මෙය සඳහා ලාල්කාන්ත මහතා ට පක්ෂයේ ප්‍රධාන සාමාජිකයන් රැසකගේ සහාය හිමිව ඇතැයි දැනගන්නට ඇත .

සෝමවංශ අමරසිංහ මහතාගේ අභාවයෙන් පසු ව ජනතා විමුක්ති පෙරමුණේ ගමන් මග සහමුලින්ම එක්සත් ජාතික පක්ෂ ගැති එකක් බවට පත්කළේ අනුර දිසානායකය .ඒ සඳහා ඔහුට මාසිකව රනිල් වික්‍රමසිංහ ගේ සහ මලික් සමරවික්‍රමගේ අනුග්‍රහයෙන් රුපියල් මිලියන හතරක මුදලක් ලැබිණි .එම මුදලින් කොටසක් පක්ෂ අරමුදලට දැමූ අනුර දිසානායක ඉතිරි මුදල තමන් සන්තක කරගත් බව ජවිපෙ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි .

මෙම හේතු නිසා කාලයක් තිස්සේ ජනත ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයේ මෝරා යමින් තිබූ බල පොරය දැන් කරළියට පැමිණ තිබේ .ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයෙන් පසු දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින අනුර දිසානායකට එරෙහිව දැන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තැන තැන සාකච්ඡා පවත්වමින් ඔහු තනතුරෙන් ඉවත් කිරීම සඳහා සියල්ල සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ .ඉදිරි මහ මැතිවරණයට පෙර ජනතා විමුක්ති පෙරමුණ ඉහළ තලයේ තනතුරු වල ප්‍රබල වෙනස්කම් නොකලොත් පක්ෂයට හිමි විය හැක්කේ මුළු ශ්‍රී ලංකාවේම එක් පාර්ලිමේන්තු අසුනක් පමණක් බව ලාල්කාන්ත කණ්ඩායමේ මතය යි .

Leave a reply: