ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

අර්ජුන් මහේන්ද්‍රන් ගැන සිංගප්පූරුව ඉල්ලූ වාර්තා ලබා දී නැහැ

ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි තිස් තුන් දහසකට අධික දැවැන්ත පාඩුවක් සිදු කළ මහ බැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නඩු කටයුතු සදහා ශ්‍රී ලංකාව ට ලබා දීම සදහා වන විමර්ශනයට අදාල ලිපි ලේඛන මෙතෙක් ශ්‍රී ලංකා නීතිපතිවරයා සිංගප්පූරු නීති අමාත්‍යංශයට ලබා දී නැතැයි වාර්තා වේ.

මෙම වාර්තා කඩිනමින් තම රජයට ලබා දෙන ලෙස සිංගප්පූරු රජයේ නීති කටයුතු පිළිබඳ අමාත්‍යංශය මෙරට නීතිපති දෙපාර්තමේන්තුවට වාර ගණනාවක් දැනුම් දී ඇත .ශ්‍රී ලංකා ආණ්ඩුව නිල වශයෙන් මේ ගැන කරන ලද ඉල්ලීම් සම්බන්ධව සිංගප්පූරුවේ නීති කටයුතු පිළිබඳ අමාත්‍ය කේ .ෂන්මුගම් මහතා විශේෂ අධ්‍යනයක් කර තිබේ.

අනතුරුව මේ පිළිබඳව ශ්‍රී ලංකා රජයට විශේෂ වාර්තාවක් එවමින් කියා ඇත්තේ මෙරට නීතිපති දෙපාර්තමේන්තුව අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධව ඇති නීතිමය වාර්තා එරටට කඩිනමින් ලබා දුන්නොත් ඔහු ලංකාවට ලබා දීමේ හැකියාව ඇති බවයි.

යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයන් රැසකට බැදුම්කර වංචාව පිළිබඳව බරපතළ චෝදනා එල්ල වී තිබේ .රනිල් වික්‍රමසිංහ ,රවි කරුණානායක ,මලික් සමරවික්‍රම ,කබීර් හෂිම් ,ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම බැදුම්කර වාර්තාවේ ෆුට් නෝට් කල්ලිය වන අජිත් පී පෙරේරා ,සුජීව සේනසිංහ ඇතුළු පිරිසක් මේ අය අතර වෙති.

ඔවුන් බේරා ගැනීම සදහා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරු දෙදෙනෙක් මෙම නීති කටයුතු සිතා මතා ප්‍රමාද කරමින් සිටින බව නීති අංශ පවසයි.

Leave a reply: