අලි සබ්‍රිගේ පත්වීම ගැන ආගමික නායකයන් සමඟ සාකච්ඡා

අලුත් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය පදවියට පත් කිරීමට යෝජිත ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාගේ පත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන පෙළේ ආගමික නායකයන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ .

මෙම පත්වීමට ඇතැම් නායක හිමිවරුනුත් ,කතෝලික ප්‍රජාවේ ප්‍රධාන පෙළේ රදගුරුවරුන් පිරිසකුත් විරෝධය පල කිරීම නිසා මෙම සාකච්ඡා පැවැත්වූ බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි .

වත්මන් රජය බලයට පත් කිරීම සඳහා ජාතිකවාදී මුස්ලිම් නායකයෙකු ලෙස ප්‍රමුඛතම කාර්‍යභාරයක් ඉටු කළ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා වියත් මඟ සංවිධානයේ සාමාජිකයෙකි .පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් ට එරෙහිව යහපාලන රජය පැවරූ නඩුවලදී ඔහු මේ අය වෙනුවෙන් පෙනී සිටියේ කිසිදු ප්‍රතිලාභයකින් තොරවය.ඉතා ඉහළ ගාස්තු අය කරන ජනාධිපති නීතිඥයෙකු වන හෙතෙම අධිකරණ අමාත්‍ය පදවිය ට පත් වූ විට ඔහුගේ නීතිඥ ආදායමද අහිමි වෙයි .

කෙසේ හෝ ඔහු අධිකරණ අමාත්‍ය පදවිය ට පත් වූ පමණින් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කෙරෙන ස්වාධීන පරීක්ෂණවලට කිසිම බලපෑමක් එල්ල නොවන බවටත් චූදිත මුස්ලිම් අන්තවාදීන් ට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ආගමික නායකයන් ට සහතික වී තිබේ .

Leave a reply: