අලුතින් ඇමැති ධුර ලැබෙන අය මෙන්න

පසුගිය දා අමාත්‍ය මණ්ඩල පත්වීම් ලබා දීමේදී තනතුරු ලබා දීමට නොහැකි වූ ජ්‍යෙෂ්ඨයන් සිව් දෙනෙකුට ඉදිරි කාලයේදී අමාත්‍ය පදවි හිමිවීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි .

මෙම තනතුරු ලැයිස්තුවේ මුලින්ම සිටිනුයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය.ඒ සමඟ නැගෙනහිරින් පත් වූ ඒ.එල්.එම් අතාවුල්ලා ,අනුර ප්‍රියදර්ශන යාපා ,චන්දිම වීරක්කොඩි හා එස්.බී දිසානායක යන මහත්වරුන් ගේ නම් ඒ සඳහා යෝජනා වී තිබේ .එහෙත් තනතුරු ලැබෙනු ඇත්තේ මෙයින් සිව් දෙනෙකුට පමණක් බව වාර්තා වෙයි .ඔවුන්ගෙන් දෙදෙනකු ට රාජ්‍ය ඇමැති පදවිත් ,දෙදෙනකු ට කැබිනට් පදවිත් ලැබීමට ඉඩ ඇත .

20 වැනි සංශෝධනයේදී රජයට සහාය දෙන සුලු පක්ෂ මන්ත්‍රීන් හා සජිත් පිලේ මන්ත්‍රීන් ට රාජ්‍ය ඇමැති ධුර දෙකක් වෙන් කර තිබේ .මේ තනතුරු හැර තවත් අතිරේක කිසිදු තනතුරක් ඇති නොකළ යුතු බව ට ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගෙන ඇත .දැනට කැබිනට් ඇමැති තනතුරු 30ක් පත් කළ හැකි වුවත් පත් කර ඇත්තේ 26 ක් පමණ එතැන තවත් පුරප්පාඩු 4 ක් ඇති අතර ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අලුතෙන් එක්වනු ඇත්තේ කැබිනට් තනතුරු දෙකක් පමණි .

Leave a reply: