ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

අවශ්‍ය නම් එජාපයෙන් ඉවත්ව යන ලෙස රනිල් සජිත් ප්‍රේමදාසට දන්වයි .

එක්සත් ජාතික පක්ෂයේ කල්ලි කණ්ඩායම් සහ නව සන්ධාන බිහි කර ගනිමින් පක්ෂයේ අනන්‍යතාව විනාශ කරන්නේ නැතිව තමන්ට තනිව තරග කිරීමට අවශ්‍ය නම් කැමති අවස්ථාවක පක්ෂයෙන් පිටව යන්නැයි රනිල් වික්‍රමසිංහ එජාප නායකයා සිකුරාදා සජිත් ප්‍රේමදාසට දැනුම් දුන්නේය .

එජාප නායකයා සජිත් ප්‍රේමදාසට මෙම දැනුම්දීම කළේ පසුගිය සිකුරාදා සිරිකොතේ දී පැවති පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමකදීය .එහිදී රනිල් වික්‍රමසිංහ මහතා සජිත්ට තවදුරටත් කියා ඇත්තේ ඔබ පක්ෂයට කල හානිය දිගු කල් පවතිනු ඇති බවය.

සජිත්ට සහ සජිත් හිතවාදී කණ්ඩායමටත් පක්ෂය කඩා බිඳ දැමීමේ අවශ්‍යතාවක් ඇති බව තමන්ට පෙනෙන බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා තමන් තම කණ්ඩායම සමඟ ඉදිරි මැතිවරණයට මුහුණදීම සඳහා සියලු කටයුතු සැලසුම් කර ඇති බවද කීය .එජාපය තරග කරන්නේ අලියා ලකුණෙන් මිස හදවත හෝ වෙනත් කිසිදු ලකුණකින් නොවන බවද රනිල් වික්‍රමසිංහ මහතා මුල් අවස්ථාවේ දී ප්‍රකාශ කර තිබිණි. ඒ මොහොතේ සමගි සන්ධානයකට කතා කළ සජිත් හිතවාදීන් වන රංජිත් මද්දුමබණ්ඩාර මලික් සමරවික්‍රම ඇතුළු පිරිස කියා ඇත්තේ නායකතුමාට අවශ්‍ය නම් පක්ෂයේ ලාංඡනය වෙනස් කිරීමට කැමති බවයි .හංසයා ලකුණින් තරග කිරීම පක්ෂයේ අනන්‍යතාවයට හානියක් නොවන බව මොවුන් පෙන්වා දී ඇත්තේ පසුගිය මැතිවරණ කිහිපයක්ම එජාප හිතවාදී පෙරමුණ හන්සයා ලකුණින් තරග කරන කරන ලද බව ද සඳහන් කරමිනි.

මෙම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා මධ්‍යස්ථව අදහස් දක්වමින් කියා ඇත්තේ හංසයා ලකුණින් මෙයට පෙර තරග කර ඇති බැවින් ඉදිරි මැතිවරණයේදී ද තම සන්ධානය හංසයා ලකුණින් තරග තරඟ කරනවාට තමාගේ දැඩි විරෝධයක් නොමැති බවයි .එසේ වුවද නාමයෝජනා බාර දීමේදී සහ නාම යෝජනා සකස් කිරීමේ දී එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා වන ලෙස කටයුතු සංවිධානය කළ යුතු බව ඔහු දැඩි ලෙස අවධාරණයෙන් පැවසීය.

අවසානයේ පරාජය පිළිගත් සජිත් ප්‍රේමදාස කණ්ඩායම රනිල් ගේ සියළු කොන්දේසි වලට එකඟ වී හංසයා ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට තීන්දු කළේ ය. නාම යෝජනා සැකසීමේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ අභිමතයට හා කෘත්‍යාධිකාරී කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතියට යටත්ව කටයුතු කිරීමටත් එකඟ වී තිබේ . ඉන් අනතුරුව සන්ධානයේ මහ ලේකම්වරයා හංසයා ලකුණෙන් නව සන්ධානය මැතිවරණයට තරග කිරීමට අපේක්ෂා කරන බැවින් සන්ධානයේ නව ලාංඡනයක් ලෙස හංසයා ලකුණ ලියාපදිංචි කරන ලෙස මැතිවරණ කොමසාරිස් වරයාට සිකුරාදා සවසම දන්වා යැවීය .ලබන සදුදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් කැඳවා මෙම තීරණ සියල්ලම කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතියට ඉදිරිපත් කිරීමට ද තීන්දු කළේය .එක්සත් ජාතික පක්ෂයේ බල අරගලයේ එක් අදියරක් මේ සමග නිමාවට පත් වන බව පෙනෙන්නට ඇතත් ඉදිරි මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමේදී රනිල් දැඩි ලෙස අප්‍රිය කරන අජිත් පී පෙරේරා සුජීව සේනසිංහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නලින් බණ්ඩාර අශෝක් අබේසිංහ ඇතුළු පිරිසකට නාම යෝජනා ලබා ගැනීම දැඩි අපහසු කරුණක් වනු ඇතැයි රනිල් හිතවාදී වූ පවසති. එසේම කොළඹ දිස්ත්‍රික්කයට මුස්ලිම් අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීමට මුලින් තීරණය කර තිබුණ ද දැන් මුස්ලිම් අපේක්ෂකයන් තිදෙනෙකු හෝ සිවු දෙනෙකු ඉදිරිපත් කිරීමට රනිල් අරඅදිමින් සිටින බව වාර්තා වේ. මෙයට හේතු වන්නේ පසුගිය කාලයේදී රනිල්ට දැඩි ලෙස විරෝධය දැක්වූ එස් . එම්. මරික්කාර් මන්ත්‍රීවරයාට පාඩමක් ගැනීමේ අරමුණින් බව රනිල් පාර්ශ්වය වැඩිදුරටත් කියයි . එසේම පාඨලී චම්පික රණවක මනෝ ගනේෂන් සහ රවුෆ් හකීම් ඇතුළු පක්ෂ නායකයින් තිදෙනා සම්බන්ධයෙන් ද රනිල් පසුවන්නේ දැඩි කෝපයෙනි .කලින් චම්පික රණවක එජාපයට බඳවා ගැනීමේ සැලසුමක් තිබුණද දැන් රනිල් වික්‍රමසිංහ ඒ සඳහා දැඩි ලෙස විරුද්ධ වෙමින් සිටින බව වැඩිදුරටත් වාර්තාවේ.

ඒ සමඟම සජිත්ගේ එක්සත් ජාතික පක්ෂයේ බලය ඇල්ලීමේ කතාව දවල් හීනයක් පමණක් බවට පත්වී ඇතැයි පක්ෂයට හිතැති එජාප ජේෂ්ඨ යෝ පවසති.

Leave a reply: