අවසන් මහා රැලි වල දී තවත් කීප දෙනෙක් එජාපයෙන් පොහොට්ටුවට

ලබන දහතුන් වැනිදා අවසන් ඡන්ද ප්‍රචාරක රැළි වලදී එක්සත් ජාතික පක්ෂයේ තවත් චරිත කිහිපයක් පොහොට්ටුව මැතිවරණ වේදිකාවට නැගීමට සූදානමින් සිටින බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පිරිස මාතර දී සහ  හෝමාගම දී  පොහොට්ටුව  මැතිවරණ වේදිකාවට පිවිසුණු ඇතැයි ඇතැයි වැඩිදුරටත් කියවේ. අප මෙයට පෙර වාර්තා කළ පරිදි රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා දැනටමත් පොහොට්ටු වේදිකාවට ගොඩ වී තිබේ.

ලැබී තිබෙන වාර්තා අනුව මේ ආකාරයට පොහොට්ටුව මැතිවරණ වේදිකාවට ගොඩ වීමට යන්නේ මහනුවර ලක්ෂ්මන් කිරිඇල්ල, මයන්ත දිසානායක, වෙන්නප්පුවේ නිරෝෂන් පෙරේරා සහ ගාල්ල විජේපාල හෙට්ටිආරච්චි ය. මේ අයට අමතරව තවත් පහළොස් දෙනෙකුට වැඩි පිරිසක් පොහොට්ටුව සමඟ එක්වීමට මහින්ද රාජ වීමට මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහත්වරු සමඟ සාකච්ඡා කරමින් සිටින බව දැනගන්නට තිබේ.

Leave a reply: