ආණ්ඩුවෙන් ළකුණු දා ගන්න උද්ඝෝෂකයන් ට පහරදීම තහනම්

ආණ්ඩුවෙන් දේශපාලන ළකුණු දමා ගැනීම සදහා උද්ඝෝෂකයන් ට පහරදීම වහා නතර කළ යුතු යැයි ජනාධිපතිවරයා ,අගමැතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ

පසුගිය දා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂණයකට ආරක්ෂක අංශ කළ පහරදීම් ගැන සමාජයෙන් දැඩි චෝදනා එල්ල වූ අතර සතියේ කැබිනට් සාකච්ඡාවේදී ද මෙම සිදුවීම ගැන අමාත්‍යවරු සිය අසතුට පළ කළහ .පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද නිවේදනයක් නිකුත් කරමින් මෙම පහරදීම අමානුෂික බවත් ඒ ගැන රජය වහා පියවර ගත යුතු බවත් සඳහන් කර තිබුණි .

සාමකාමී උද්ඝෝෂණ අයිතිය වත්මන් රජය පිළිගන්නා බැවින් සෞඛ්‍ය නිරෝධායන නීතිවලට හා අධිකරණ නියෝගවලට උද්ඝෝෂකයන් ගරු කළ යුතුය .ඔවුන් එසේ නොකළොත් අධිකරණමය ක්‍රියා මාර්ග ගන්නවා මිස පහරදීම ඊට විකල්පය නොවන බවද කැබිනෙට්ටුවේදී අනාවරණය කෙරුණි.

උද්ඝෝෂණ සඳහා වත්මන් රජය ජනාධිපති කාර්‍යාලය අසල වෙනම ස්ථානයක් වෙන් කලේය .ඒ නිසා හැකිතාක් උද්ඝෝෂණ එම ස්ථානයේම පැවැත්වීමට උද්ඝෝෂකයන් දැනුවත් කළ යුතු බවටද තීන්දු කළේය .පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණයට නීතියේ සීමා ඉක්මවා ගොස් පහර දුන් පොලීසියේ වගකිවයුත්තන් ගැන පියවරක් ගත යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද පෙන්වා දී තිබුණි .මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ පාතාලය මර්දනය කරන ආකාරයට උද්ඝෝෂණ මර්දනය නොකළ යුතු බවයි.විශේෂයෙන් ඒ සඳහා කැරලි මර්දන හමුදාව කැඳවිය යුතු නැතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය .

Leave a reply: