ආණ්ඩුව අමාරුවේ දැමීම ගැන මැති ඇමැතිවරුන්ගෙන් පොලීසියට දොස්

විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් ඉතා සිල්ලර සරල වැරදිවලට අත් අඩංගුවට ගැනීමෙන් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම ගැන රජයේ ප්‍රබල මැති ඇමැතිවරුන් රැසක් පොලීසියට එරෙහිව ජනාධිපතිවරයා ට සහ අගමැතිවරයාට පැමිණිලි කර තිබේ .පසුගිය සති කිහිපය තුළ පොලීසිය විසින් රාජිත සේනාරත්න ,චම්පික රණවක සහ රන්ජන් රාමනායක යන මන්ත්‍රීවරුන් තිදෙනා අත් අඩංගුවට ගනු ලැබූහ .

මොවුන්ට එරෙහිව බරපතළ දූෂණ වංචා සහ අපරාධ චෝදනා රාශියක් ඉදිරිපත් ව තිබියදී ඉතාමත්ම නොවැදගත් චෝදනා මත ඔවුන් අත් අඩංගුවට ගත්තේ අධිකරණයේ දී ඔවුන්ට නිදහස ලැබීමට අවශ්‍ය වටපිටාව සකස් කර බව මෙම පැමිණිලිවල සදහන්ය .උදාහරණයක් හැටියට රාජිත සේනාරත්න ගේ සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට මුදල් ගෙවූ රූමි මොහොමඩ් නැමැත්තා අධිකරණ වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීම නීතියට පටහැනි බව කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අධිකරණයේ දී ප්‍රකාශ කර තිබේ .පුද්ගලයෙකු අධිකරණ වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීම වරදක් බව පොලීසිය හොදින්ම දැන දැනත් එලෙස ක්‍රියා කළේ කාගේ වුවමනාවටදැයි යන්න වහා විමර්ශනය කළ යුතු බව මන්ත්‍රීවරු පවසති .

චම්පික රණවක ට අදාළ නඩුවේදී වැරදි වගන්තියකින් නඩු පැවරීම ,රාජිත සේනාරත්න අත් අඩංගුවට ගැනීමේදී නිවැරදි නීතිමය පටිපාටිය අනුගමනය නොකිරීම ආදි තාක්ෂණික හේතු නිසා ඔවුන්ට අධිකරණයෙන් නිදහස ලැබුණි.එයින් දැඩි අපහසුතාවයට පත් වූයේ ආණ්ඩුවයි.මේ නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැදිහත් වී නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය වහා ප්‍රති සංවිධානය කළ යුතු බව එම මන්ත්‍රීවරුන් රජයට පෙන්වා දී ඇත .එම ප්‍රති සංවිධාන සිදු වන තුරු මෙම අත් අඩංගුවට ගැනීම් වහා නතර කරන ලෙස ද ඔවුහු රජයට දන්වා ඇත .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page