ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ආසන 10 සිටි රනිල් ආසන 15 කර ගනී.

මෙතෙක් රජය මෙන්ම විපක්ෂය සිදු කළ සියලු ජනමත සමීක්ෂණ වලදී මන්ත්‍රී ධුර 10 කට වඩා මහ මැතිවරණයේදී ලබා නොගන්නා බව තහවුරුව තිබූ එ.ජා .පයේ රනිල් පිල සිය ආසන ගණන තවත් පහකින් පමණ ඉහළ නංවා ගෙන ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි .එසේම සජිත් පිලේ මන්ත්‍රී ආසන ගණන 42 ක් දක්වා අඩු වනු ඇතැයි ද ඊයේ (සඳුදා )නිකුත් වූ නවතම සමීක්ෂණ වාර්තා දෙකක් මගින් තහවුරු කර තිබේ .

සජිත් පිලේ අභ්‍යන්තර ආරවුල් සජිත් ප්‍රේමදාස ජන්ද වේදිකාවේ කරන පදනම් විරහිත කතා මෙන්ම ජලනී ප්‍රේමදාස මහත්මිය පක්ෂය ට කරන අතපෙවීම් නිසාද පක්ෂ යාන්ත්‍රණය දුර්වලව ඇත .දැන් සමගි ජනබලවේගයේ කළමනාකරණ රැස්වීම් සියල්ලට ජලනී ප්‍රේමදාස බලෙන්ම සහභාගි වන්නීය .එයට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් තදින්ම විරෝධය පල කර ඇතත් සජිත් ඒ කිසිවක් ගණන් ගෙන නැත .

දිවයිනේ පිළිගත් මහානායක හිමිවරුන් මෙන්ම කතෝලික පල්ලියද රාජපක්ෂවරුන් ට අනුග්‍රහය දක්වන බව පැහැදිලිව දැකගන්නට තිබේ .විශේෂයෙන් කලුතරින් එපිටටමොණරාගල දක්වා සජිත් පිලේ පක්ෂ යාන්ත්‍රණයක් දක්නට නැත .සජිත් පිල දැන් යැපෙන්නේ රවුෆ් හකීම් ,රිෂාඩ් බදුර්දීන් ,පලනි දිගම්බරම්,ඒ.එල්.එම් හලීම් වැනි සුලු ජාතික පක්ෂ නායකයන්ගෙනි.දෙමළ සන්ධානයේ සුමන්තිරන්ලාද රනිල් සමඟ සුහදතාව වර්ධනය කර ගෙන තිබේ .එබැවින් රනිල් පිලේ විශාල ජන්ද වර්ධනයක් නැතත් සජිත් පිලේ පල්ලම් බැසීම නිසා මනාප ජන්ද වර්ධනයක් පෙන්වා ඇත .

Leave a reply: