ආසියාතික රටවල සිසුන් ගෙන ආපසු විදේශීය සිසුන් ගෙන ඒම තාවකාලිකව නවතී

ඉන්දියාව ,පකිස්ථානය,බංග්ලාදේශය ,නේපාලය ආදි සාක් රටවල අධ්‍යාපනය ලබන ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් මෙරටට ගෙන ඒමෙන් පසු නැවත කටුනායක ගුවන් තොටුපළ විවෘත කරන තෙක් විදේශගත සිසුන් ගෙන ඒම සිදු නොවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි .

පසුගිය දිනවල මෙම රට වලින් සිසු සිසුවියන් 700 ක් පමණ ශ්‍රී ලන්කන් ගුවන් යානා යවා ගෙන්වා තිබුණි .දැන් ඔවුන් නිරෝධායනය ට යවා තිබේ .

ඇමෙරිකාව ,ජපානය ,බ්‍රිතාන්‍ය ,ඔස්ට්‍රේලියාව ,රුසියාව සහ සෙසු යුරෝපා රටවල වෙසෙන සිසු සිසුවියන් එකවර මෙරටට කැදවා ගන්නා ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව ඇතත් එය ඉටු කිරීමට හැකියාවක් නැතැයි රජයේ වාර්තා කියයි .

අවශ්‍ය ගුවන් ප්‍රවාහන පහසුකම් සැපයීමේදී මෙන්ම නිරෝධායන පහසුකම් සැපයීමේදී ද ගැටලු ඇති විය හැකි බැවින් ආසියානු කලාපයෙන් පසු සෙසු රටවල සිසු සිසුවියන් සහ පුරවැසියන්ගෙන් ලැබී තිබෙන ඉල්ලීම් සලකා බැලීම ටික දිනකට කල් දමා ඇත .කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීම මැයි මස 15 වැනි දින සිදුවන බැවින් ඉන්පසුව මේ ගැන තීරණයක් ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

Leave a reply: