ඇමැති පිරිසක් දුකෙන්ලු.

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් බෙහෙවින් කනස්සල්ලට පත්ව සිටින බව රජයේ අභ්‍යන්තර වාර්තා පෙන්වා දෙයි.මෙයට බලපා ඇති ප්‍රධාන හේතුව වන්නේ එම අමාත්‍යාංශවලට පත් කර සිටින ලේකම්වරුන් හා ඊට අයත් සංස්ථා මණ්ඩලවල සභාපතිවරුන් ඇමැතිවරුන් ගේ පදයට නටන්නේ නැති වීමය.

ඇමැතිවරුන් ගේ දේශපාලන සහ ව්‍යාපාරික වුවමනාවන්ට අනුව අදාළ ආයතන ප්‍රධානීන් ක්‍රියා කරන්නේ නැත .ඇමැතිවරුන් දෙතුන් දෙනෙක් විසින් ගෙන එන ලද රුපියල් මිලියන සිය ගණන් වැය වන ව්‍යාපෘති යෝජනා පලදායී නොවන බැවින් ඉවත් කර දමා තිබේ .ඊටත් වඩා මෙම අමාත්‍යවරුන් ගේ කෝපයට හේතු වී තිබෙන්නේ තමන්ලා කරන මෙබඳු ව්‍යාපාරික ගනුදෙනු ගැන මෙම නිලධාරීන් ජනාධිපතිවරයා දැනුවත් කිරීම ගැනය.

බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කයකින් පත් වූ එක් අමාත්‍යවරයෙකුට භාර ප්‍රධාන පෙළේ අධිකාරියකින් ඔහු ලබා දෙන නීතියට පටහැනි කිසිදු යෝජනාවක් ක්‍රියාත්මක නොකෙරේ .එහි සභාපතිවරයා ජනාධිපතිවරයාට සෘජුව වගකිවයුත්තෙකි.තවත් උඩරට පළාතෙන් පත් වූ අමාත්‍යවරයෙකුගේ අමාත්‍යාංශයේ ලේකම් ලවා ඔහුට අවශ්‍ය පරිදි (නීතිය ට එකඟ නොවන ) කිසිවක් කරගත නොහැකිව තිබේ .මේ දෙදෙනා ම කටකාර ඇමැතිවරුන් ය.නමුත් මේ අය දැන් මැති සබයේදී ත් නිහඬ ය.ඊට හේතුව ආයතන ප්‍රධානීන් තමන් ගේ පදයට නොනැටීමය.මෙලෙස තම පටු අරමණු ඉටු නොවීම නිසා ඉවත බලා සිටින මැති ඇමැතින් ගණන තුන් හතර දෙනෙකුට වැඩි නොවන බවද වාර්තා වෙයි .

කෙසේ වෙතත් අමාත්‍යවරුන් කවර නියෝග දුන්නත් නීතිය ට පිටින් කිසිවක් නොකරන නිලධාරීන් රැකගත යුතු යැයි ද රජය තුළ මතවාදයක් ගොඩ නැගී ඇත .එය සාධනීය තත්ත්වයකි.

Leave a reply: