ඇමෙරිකානු රාජ්‍ය ලේකම් අද කොළඹ.

නිල සංචාරයක් සඳහා අද රාත්‍රි කොළඹ ට පැමිණෙන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා එම්.සී.සී ගිවිසුම ගැන ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් සෘජුව විමසීමට යන බව වාර්තා වෙයි .ඒ හැර දෙරට හමුදා සඳහා ආරක්ෂක පුහුණුව හා ආධාරක වැඩසටහන් ගැන ද සාකච්ඡා කෙරේ .ජිනීවා මානව හිමිකම් කොමිසමේ ඇමෙරිකාව නැතත් එහිදී අපේ රටට එල්ල වී ඇති අභියෝග ගැන ද ප්‍රශ්න කිරීමට නියමිතය .

කෙසේ නමුත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලබන සතියේ සිට ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් පසුව ජනවාරියේ නව රජය පත් වූ පසු ශ්‍රී ලංකාව මේ ගැන වැඩි දුරටත් සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවය.රට තුළින් එම්.සී.සී ගිවිසුම ට එල්ල වූ විරෝධය ගැන ජනාධිපතිවරයා හා අගමැතිවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කරනු ඇති බව ද සඳහන් විය .

ඒ අතර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ගේ ශ්‍රී ලංකා සංචාරය ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඇමෙරිකානු තානාපති කාර්‍යාලය ඉදිරිපිට අද උදෑසන විරෝධතා ව්‍යාපාරය ක් පැවැත්වීය.කෙසේ වෙතත් රාජ්‍ය ලේකම්වරයා ගේ සංචාරය නිසා කොළඹ අවට දැඩි ආරක්ෂක රැකවල් තර කර තිබේ .අද රාත්‍රියේ දී මෙරටට පැමිණෙන රාජ්‍ය ලේකම්වරයා හෙට දහවල් මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය .

Leave a reply: