ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

ඉතාලිය සිට පැමිණ අතුරුදන් වූ විසි දෙදෙනෙක් සොයා පොලිස් මෙහෙයුම්.

පසුගිය දෙසතිය තුළ මෙරටට ඉතාලියේ සිට පැමිණි විසි දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට හෝ ආරක්ෂක අංශයට වාර්තා නොකිරීම නිසා ඔවුන් සොයා ගැනීම සඳහා විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ලැබී තිබෙන මූලික තොරතුරුවලට අනුව මෙම පිරිස නිදැල්ලේ විවිධ ස්ථාන වල සැරි සරමින් සාමාන්‍ය නිරෝගී ජනතාව අනතුරේ හෙළන බවට ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබීතිබේ.

නිරෝධායන පනත යටතේ වරදක් සිදුකරන ලද මෙම තැනැත්තන් සොයා ගැනීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ ජනතාවගේ සහය පතයි. ඒ අතරම මෙම තැනැත්තන්ට දන්වා සිටින්නේ හැකි ඉක්මනින් ළඟම තිබෙන නිරෝධායන මධ්‍යස්ථානයකට හෝ පොලිස්ථානයකට වාර්තා කරන ලෙසයි.අප වෙත ලැබෙන විශේෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම තැනැත්තන් මෙතෙක් ආරක්ෂක අංශ වලට බාර නොවී මෙලෙස සැඟව සිටින්නේ ඔවුන් ඉතාලියට නීති විරෝධී මාර්ගවලින් ගමන් කිරීම නිසා බව සඳහන්ය.මොවුන්ගෙන් ඇතැමෙක් හොර පාස්පෝට් මගින් ඉතාලියට ඇතුළු වී ඇති අතර තවත් පිරිසක් නීති විරෝධී බෝට්ටු ජාවාරම්කරුවන් මගින් හොරෙන් බෝට්ටුවලින් ඉතාලියට යවනු ලැබූ පිරිසක් බව කියැවේ.

Leave a reply: