ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

ඉදිරි මහ මැතිවරණයෙන් පොහොට්ටුවට ආසන 138ක්

ලබන අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව ) කණ්ඩායමට මැතිසබයේ මන්ත්‍රී ධුර 138ක් හිමිවන බව අලුත්ම සමීක්ෂණ වාර්තා කියයි.

පූර්ව මැතිවරණ තත්ත්වය පිළිබඳව පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ගේ මෙහෙයවීමෙන් පවත්වන ලද විශේෂ ජනමත සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය විය.

එක්සත් ජාතික පක්ෂයේ පවත්නා බරපතළ අර්බුදය මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ යහපත් පාලන පිළිවෙතද පොහොට්ටුවේ ප්‍රබෝධයට හේතු වී ඇතැයි සදහන් වේ .මෙම මන්ත්‍රී ධුර සංඛ්‍යාව තවත් හතකින් වැඩි කර ගැනීමට මේ දිනවල පොහොට්ටුව සැලසුම් කරමින් සිටී .

Leave a reply: