ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පැමිණේ

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරඟ සංචාරයක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (28) සවස ඉන්දීය විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නිලධාරීන් සහ ක්‍රීඩකයන් 47 දෙනෙකු ඇතුළත් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ එම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම කොළඹ බලා රැගෙන ගිය බව අප වාර්තාකරු පැවසීය.

(Courtesy of adaderana.lk)

Leave a reply: