ඉන්දීය විදේශ ඇමැතිගෙන් ප්‍රශ්න හතරක්.

දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්.ජයශංකර් ශ්‍රී ලංකාව සමඟ ප්‍රධාන ප්‍රශ්න හතරක් ගැන සාකච්ඡා කළ බව වාර්තා වෙයි .

කොළඹ වරායේ නැගෙනහිර ජැටියට ආයෝජනය කිරීම ,පළාත් සභා මැතිවරණය ,ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සඳහා ආයෝජනය කිරීම හා ප්‍රමාද වෙමින් තිබෙන ඉන්දීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම එම ප්‍රධාන ප්‍රශ්න හතරයි.

මෙයට අමතරව කලාපීය චීන සබඳතා වර්ධනය ගැනද විදේශ අමාත්‍යවරයා ගේ දැඩි අවධානය යොමුව ඇත .කොවිඩ් රෝගය සඳහා ශ්‍රී ලංකාව ට අවශ්‍ය එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා හා රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සමඟ ඔහු අදහස් හුවමාරු කරගෙන තිබේ .

ජනාධිපතිවරයා අගමැතිවරයා හා විදේශ අමාත්‍යවරයා හා විපක්ෂයේ ප්‍රධානීන් ගණනාවක් ද ඔහු හමුවී අදහස් දක්වා තිබුණි .කෙසේ වෙතත් රජයේ නියෝජිතයන් මෙන්ම විපක්ෂ නියෝජිතයන් සමඟ ඔහු කරන ලද සාකච්ඡා ගැන සවිස්තර තොරතුරු මෙතෙක් මාධ්‍යයට හෙළිදරව් කර නොමැත .ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙරට ඉන්දීය ආයෝජන සාකච්ඡාවල ප්‍රමුඛ විෂය වූ බවය.

Leave a reply: