ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ඉම්රාන් ඛාන්ගෙන් ගෝඨාභය ට සහතිකයක්

ශ්‍රී ලංකාව මෙතරම් ඉක්මනින් කොරෝනා රෝගය මර්දනය කිරීම ගැන තම සම්පූර්ණ ප්‍රසංශාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිරිනමන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන්වීය .

ඊයේ (බ්‍රහස්පතින්දා ) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථන යෙන් ඇමතූ පාකිස්තාන නායකයා ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන වැඩසටහන ලෝකයටම ආදර්ශයක්යැයි පැවසීය .ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුද්ගලිකව කළ කැපකිරීම සහ ඊට අනුබද්ධ සංවිධාන ව්‍යුහය අගයමින් අදහස් දැක්වූ ඉම්රාන් ඛාන් මහතා මේ කාර්‍යේදී දකුණු ආසියාවේ සෙසු රටවල් ද ශ්‍රී ලංකාවේ අත්දැකීම් බෙදා හදාගන්නට කැමති බව පැවසීය .

කොරෝනා විපත නිසා කඩා වැටුණු දකුණු ආසියාවේ ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා ශ්‍රී ලංකාව ට පෙරමුණ ගන්නා ලෙස ආරාධනා කරන්නේයැයිද පාකිස්තාන අගමැතිවරයා පැවසීය .ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව ඉතා හොඳ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන නිසා ආර්ථික පුනරුද ක්‍රියාවලියේ දී ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකාව හරහා දකුණු ආසියාවේ සෙසු රටවල්වලට ද ලබා ගත හැකි බව ට හෙතෙම විශ්වාසය පළ කළේය .

Leave a reply: