ඉරනතිව් දූපතේ මුස්ලිම් භූමදාන නවතියි.

කොරෝනා රෝගයෙන් මිය යන මුස්ලිම්වරුන් ගේ මෘතදේහ ඉරනතිව් දූපතේ භූමදාන කිරීමට ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක නොවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි .

එම ප්‍රදේශයේ ජල ව්‍යාපෘති හා මුහුදු කූඩැල්ලන් වගා කරන සංවර්ධන ව්‍යාපෘතියක් ද මේ වන විට දියත් කර තිබේ. එසේම සංචාරක ධීවර පවුල් එකසිය හැටක් පමණ ප්‍රදේශයේ වාසය කරති. එම පවුල්වල ජනතාවත් කතෝලික පල්ලියේ පියතුමන්ලා ත් මෙයට දැඩි විරෝධය පළ කර ඇත. එසේම උතුරු පළාත නියෝජනය කරන ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා ප්‍රමුඛ ඇමැතිවරු ද ඊට විරුද්ධ බව කියා තිබේ.

එහෙත් රජය ඉරනතිව්හි මරණ භූමදානය සඳහා අවසර දෙන ගැසට්ටුව ද නිකුත් කර තිබේ.ඒ නිසා නව සුසාන භූමි සොයාගෙන ඒ සඳහා නව ගැසට්ටුවක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් වාර්තා වෙයි .

Leave a reply: