ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ඉහළ පෙළේ නිලධාරී මාරුවක් ගැන අසත්‍ය ප්‍රචාර

මහ මැතිවරණයෙන් පසු මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ,ජනාධිපති ලේකම්වරයා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ගේ තනතුරු මාරුවන බවට විපක්ෂය ට සම්බන්ධ සමාජ ජාල මාධ්‍ය ගෙන යන ප්‍රචාරය අසත්‍ය බව රජය කියයි.මෙම ප්‍රචාර ගැන කළ විමර්ශනයකදී හෙළිදරව් වී ඇත්තේ ඒ ප්‍රචාර රජයේම එක්තරා මූල්‍ය මර්මස්ථානයකින් සිදුවන බවය .

මහ මැතිවරණයෙන් පසු ඇතැම් අමාත්‍යාංශ ලේකම් තනතුරුවල යම් යම් වෙනස්කම් කිරීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වෙයි .එසේ වුවත් ජනාධිපති ලේකම්වරයා ,අග්‍රාමාත්‍ය ලේකම්වරයා හෝ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සම්බන්ධයෙන් කිසිසේත්ම එබඳු තීරණයක් නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සදහන් කළේය .

පසුගිය සති දෙකක් තිස්සේ මෙම මාධ්‍ය ජාලා වලින් ප්‍රචාරය කෙරුණේ ජනාධිපති ලේකම්වරයා වෙනත් උසස් පදවියකටත් ,අග්‍රාමාත්‍ය ලේකම්වරයා මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයටත් ,මුදල් ලේකම්වරයා වෙනත් උසස් පදවියකටත් පත් කිරීමට රජය තීරණය කර ඇති බවය .කාර්‍යක්ෂම රාජ්‍ය නිලධාරීන් ට මානසික වශයෙන් බලපෑම් එල්ල කිරීමට විපක්ෂය ට සම්බන්ධ ඇතැම් බලවේග විසින් මෙම අතේ රෝල් පුවත් මවා ප්‍රචාරය කරන බව රජයේ මතයයි .

Leave a reply: