උද්ඝෝෂකයන් ගේ රැකියා ප්‍රශ්න ජනපති විසදයි

කොලඹ ජනාධිපති කාර්‍යාලය අසල උද්ඝෝෂකයන්ට සහ විරෝධතාකරුවන්ට රජයට විරෝධය දැක්වීම සදහා ලබා දී ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගෙන රැකියා ප්‍රශ්නයක් සම්බන්ධව විරෝධතාවයේ යෙදුණු උද්ඝෝෂකයන් හමුවට ජනාධිපතිවරයා ඊයේ සවස හදිසියේම පැමිණියේය .

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව මෙසේ හදිසියේම ජනාධිපතිවරයා පැමිණියේ ඩෙංගු මර්දන ව්‍යාපාරයේ සහායකයන් සහ එච්.එන්.ඩී සිසු සිසුවියන් පැවැත්වූ උද්ඝෝෂණයකටය.

ඔවුන් උද්ඝෝෂණය කරන්නේ කුමක් උදෙසාදැයි විමසූ ජනාධිපතිවරයා ට මේ අය ප්‍රකාශ කළේ තම රැකියා අවස්ථාවන් අහිමි වීම පිළිබඳව විරෝධය පල කරන බව යි.තමන්ගේ රැකියා සුරක්ෂිත කර දෙන ලෙසද ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියෝය .ඒ අවස්ථාවේ උද්ඝෝෂණ නායකයන් සහ සෙසු පිරිස සමග මද වේලාවක් සාකච්ඡා කළ ජනාධිපතිවරයා එම දෙපිරිසේම ප්‍රශ්නය තමන්ට වැටහෙන බව පවසා රජය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව රැකියා ලක්ෂයේ වැඩ සටහන යටතට මෙම පිරිස අන්තර්ග්‍රහණය කර ඔවුන්ට රජයේ රැකියාවක් කිරීමට අවස්ථාව සලසා දෙන බවට පොරොන්දු වූයේ ය.

එම රැකියාව රජයේ විශ්‍රාම වැටුප් සහිත රැකියාවක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත .ඒ සමග ජනාධිපතිවරයා සමග පැමිණි රජයේ නිලධාරීන් ට උපදෙස් දුන්නේ උද්ඝෝෂණයේ යෙදුණු පිරිස වහාම රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළට ඇතුළත් කර ගැනීමට පියවර ගන්නා ලෙස යි.

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page