උවිදු විජේවීර මහින්ද හමුවෙයි.දේශපාලනයට එන ලකුණු

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතා ගේ පුත්‍රයා වන උවිදු විජේවීර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය .

සිය මෑණියන් වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය සමග පසුගිය බදාදා මහින්ද හමුවූ උවිදු ඉදිරියේදී පොහොට්ටුවෙන් දේශපාලනයට පිවිසීමට ඉඩ ඇතැයි පොදුජන පෙරමුණ පවසයි .ඔහු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හෝ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට නියමිත බව වාර්තා වේ .

රෝහණ් විජේවීර මහතා මිය යන විට කුඩා දරුවකු වූ උවිදු විජේවීර මෙරට උසස් අධ්‍යාපනය නිමවා රුසියානු සරසවියක විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීය .එහිදී ප්‍රථම පන්තියේ උපාධියක් ලබා ඇති උවිදු විජේවීර පසුගිය දා මෙරටට පැමිණ තමන් කිසියම් දේශපාලන ක්‍රියාවලියක නියැලෙන බව මාධ්‍ය හමුවේ සදහන් කර තිබුණි

Leave a reply: