එංගලන්තයේ නව වෛරසය ලංකාවට ගෙනාවේ මොයින් අලි ?

එංගලන්තයේ පැතිර යන භයානක නව කොරෝනා වෛරස ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මෙරටට පැමිණ ඇති බ්‍රිතාන්‍ය ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලිගෙන් බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග පවසයි .නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් ද ක්‍රිකට් ක්‍රීඩකයකුගෙන් වෛරසය මෙරටට පැමිණි බව කියා ඇතත් ඔහුගේ නම තහවුරු කළේ නැත .

කරන ලද වෛද්‍ය පරීක්ෂණ අනුව මොයින් අලි ට ආසාදනය වී ඇත්තේ එම නව වෛරස ප්‍රභේදය බැවින් පසුගිය පුහුණු තරගවලදී ඔහු ආශ්‍රය කළ ආශ්‍රිතයන් හා ඔහු රැඳී සිටි හෝටලයේ ආශ්‍රිතයන් ද නිරෝධායනය ට යොමු කර ඇතැයි වාර්තා වෙයි .

මෙම නව වෛරසය ඉතා වේගයෙන් පැතිරීමත් කඩිනමින් ආසාදනය වීමේ හැකියාව හේතුවෙන් ඒ ගැන රජය කඩිනම් ආරක්ෂිත පියවර ගෙන තිබේ .විශේෂයෙන් තරුණ පෙළට හා දරුවන්ට ද එහි බලපෑම එල්ල වන නිසා රජය මේ වෛරසය පැතිරීම වැළැක්වීමට දැඩි ප්‍රයත්නයක් දරමින් සිටී.ඒ අතරම ලබන සතියේ කටුනායක ගුවන් තොටුපොළ විවෘත කිරීමට ගනු ලැබූ තීරණය ද නැවත සලකා බැලීමට තීන්දු කර ඇත .

Leave a reply: