ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද අර මුදල් වංචාවක් ගැන ගෝරියක්.

යූඑන්පී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයින්ගෙන් ලැබුණු රුපියල් මිලියන සිය ගණනක මුදල් අතුරුදහන් කළ බවට රනිල් පාර්ශවය සහ සජිත් පාර්ශ්වය එකිනෙකාට චෝදනා කර ගන්නට පටන් ගෙන තිබේ. රනිල් පාර්ශවය චෝදනා කරන්නේ එලෙස ලැබුණු අරමුදල් සජිත්ගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස සහ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා වූ තිස්ස අත්තනායක විසින් වංචා කර ඇති බවයි.

මෙයට පිළිතුරු දෙන සජිත් ප්‍රේමදාස පාර්ශ්වය කියා ඇත්තේ ඡන්දය සඳහා ලැබුණු අරමුදල් රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ අකිල විරාජ් මහ ලේකම්වරයා වංචා සහගතව ලබාගෙන ඇතැයි කියාය. සජිත් ප්‍රේමදාස වෙත ලබා දෙන්නට ගෙන ආ මුදල් සිරිකොතේ අලුත්වැඩියාවන් සඳහා අවශ්‍ය යැයි කියමින් අකිල විරාජ් පුද්ගලිකව ලබා ගත්තේ යැයි ද චෝදනා කර ඇත. මෙම ආරවුල බරපතළ ප්‍රශ්නයක් බවට පත් වූයේ පසුගිය කාලයේ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා කරන ලද ඇතැම් වියදම් තවමත් පියවා නොතිබීම නිසා එම මුදල් ගෙවන ලෙස ව්‍යාපාරික ආයතන වලින් බිල්පත් ඉදිරිපත් වීමත් සමග ය.

සජිත් පිල මෙලෙස ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් මිලියන 600 ක් පමණ වෙතැයි දැනගන්නට තිබේ. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු භාරව සිටි සිටි ලේක්හවුසිය හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ නමැත්තා ද මෙම මුදල් වංචාවට චෝදනා ලබා ඇත.

Leave a reply: