එක් පාරක තිබෙන සියලුම ඉඩම් තමන් සතු කර ගත් හිටපු ඇමැති

ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්න ප්‍රදේශයක පිහිටි එක්තරා මාවතක තිබෙන සියලුම ඉඩ කඩම් මිලට ගත් හිටපු ඇමැතිවරයෙක් පිළිබඳ වාර්තා වෙයි .

ඔහු යහපාලන රජය සමයේ ආන්දෝලනයට ලක් වූ චරිතයකි.බැඳුම්කර වංචාව ගැනද චෝදනා එල්ල වූවෙකි .යහපාලන රජය සමයේ මෙරට ප්‍රබලම අමාත්‍යාංශ දෙකක අමාත්‍යවරයාව සිටි මොහු කරන ලද සෑම ගනුදෙනුවකින්ම අත යට මුදල් ලබා ගත් බවට චෝදනා රැසක් එල්ල විය.

එලෙස අසීමිතව ඉපයූ මුදලින් තමන් පදිංචි මාවතේ තිබෙන සියලුම හිස් ඉඩම් එක ඔප්පුවකට පවරාගෙන ඇතැයි මේ ගැන කළ විමර්ශනයකදී හෙළිදරව් වී තිබේ .

එ.ජා.ප ය නියෝජනය කළ මොහු පක්ෂයේ ඉහළ තනතුරු සඳහා නිතර සටන් කළ නමුත් මෙවර මහ මැතිවරණයේදී ඔහු අන්ත පරාජයට ලක් විය.වෙනදා මනාප ජන්ද ලක්ෂ ගණන් ගන්නා මොහුට මෙවර ලැබුණේ ජන්ද 12,000ක් පමණක් බව කියවේ.

Leave a reply: