එක පවුලක් මර්දනයට පොලිස් මූල්‍ය අපරාධ අංශය පිහිටෙව්වා – හිටපු නියෝජ්‍ය පොලිස්පති

රාජපක්ෂවරුන් මර්දනය  සදහා රජයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය යොදා ගත් බව එහි ප්‍රධානියාව සිට පසුගියදා විශ්‍රාම ගත් නියෝජ්‍ය පොලිස්පති රවි   විද්‍යාලංකාර මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
                  ජේ.සී වැලිඅමුණ නීතිඥවරයා සහ චම්පික රණවක, අනුර කුමාර දිසානායක, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා සහ මලික් සමරවික්‍රම යන දේශපාලන නායකයන් මෙම කමිටුවට සහභාගි වූ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
                 සුප්‍රකට මිග් යානා ගනුදෙනුව, සිරිලිය සවිය ගිණුම, ඩුබායි රාජ්‍යයේ රුපියල් කෝටි සිය ගණනක මුදල් ආයෝජනය කිරීම ආදි රාජපක්ෂ පවුලට එල්ල කළ චෝදනා කිසිවක් සනාථ කිරීමට සාක්ෂි සොයාගත නොහැකි වූ බවද ඔහු ප්‍රකාශ කළේය. මෙම විමර්ශන වලදී තමන්ට ඉහත කී දේශපාලනඥයින්ගෙන් බලපෑම් එල්ල වූ බව සදහන් කළ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් සේවය කළ ආයතනය පිහිටවූයේ පවුලක් මර්දනයටයැයිද කීය.

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page