එජාපයේ සහ පොහොට්ටුවේ කිහිප දෙනෙකුට නාමයෝජනා නොලැබෙන ලකුණු

පවත්නා අර්බුදකාරී දේශපාලන වතාවරණය යටතේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිත කිහිපයකට ඉදිරි මහ මැතිවරණයේදී සජිත් කණ්ඩායමෙන් නාමයෝජනා නොලැබීමට ඉඩ ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි .පසුගිය කාලයේ සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහු විසින් නිර්මාණය කරන ලද සන්ධානයට එරෙහිව පක්ෂය තුළ විවිධ යටිකූට්ටු ව්‍යාපාර ගෙන ගිය දෙතුන් දෙනෙකු මේ අය අතර වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි .කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගාල්ල දිස්ත්රික්කයේ ප්‍රබලයන් දෙදෙනෙක් දෙදෙනෙකු මෙලෙස නාමයෝජනා නොලැබීමට ඉඩ ඇති අය අතර පෙරමුණේ සිටින බව වාර්තා වෙයි.එහෙත් පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී සහ පක්ෂ රැස්වීම්වලදී සජිත්ට එරෙහිව ප්‍රබල ලෙස අදහස් දැක්වූ රංගේබණ්ඩාර නවීන් දිසානායක ඇතුළු සෙසු සාමාජිකයන්ට නාමයෝජනා අහිමි වීමේ අවදානමක් නැතැයි ද එම ආරංචි මාර්ග කියයි. මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස කණ්ඩායම දැනටමත් තීරණයකට එළැඹී සිටින බව දැන ගන්නට ඇත .

එසේම පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ සහ පොහොට්ටුවේ සාමාජිකත්වය සෘජුවම දරන ඇතැම් අයෝග්‍ය අපේක්ෂකයන්ට නාමයෝජනා ලබාදීම ගැන දෙවරක් සලකා බැලීමට පොහොට්ටුව ජ්‍යෙෂ්ඨයෝ තීරණය කර ඇතැයි වාර්තාවේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව දේශපාලන සංස්කෘතිය ඉදිරියට ගෙනයාම සඳහා සුදුසු චරිත පමණක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා මෙම තීන්දුව ගෙන ඇතැයි සඳහන් ය .විවිධ චෝදනාවලට සහ චෝදනා වලට මෙන්ම අයෝග්‍ය හැසිරීම් සම්බන්ධව චෝදනා ලබා සිටින කිහිප දෙනෙකු මෙම අවධානමට ලක් වී සිටින බව වැඩිදුරටත් වාර්තා වෙයි .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page