එජාපය දෙකඩ කළ සජිත් මාධ්‍ය හමුවේ ශ්‍රී මුඛය විවෘත කරයි .

පරිස්සම් කරගතයුතු කටින් හිතුමතේ මෝඩ කතා කියා ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයක් ලැබූ එජාපයේ සජිත් ප්‍රේමදාස මහතා මහ මැතිවරණය කිට්ටු වීමත් සමඟ නැවතත් ඔහුගේ ශ්‍රී මුඛය විවෘත කර තිබේ .

ජනාධිපති ඡන්දය පරාජය වීමෙන් පසු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හොර රහසේ හමුවී හමු වී හඬා වැටෙමින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ තමන්ගේ පාලන කාලයේ සිදුවූයේ යැයි කියන මූල්‍ය අපචාර සම්බන්ධව සමාව ඉල්ලා තමාටත් තම පවුලේ අයටත් කරදර නොකරන ලෙස ආයාචනා කර සිටි සජිත් එක්වරම අළු ගසා දමා රජයට පාඩම් කියා දෙන්නට පටන් පටන් ගැනීම ආණ්ඩුවේ මැතිවරණ ජයග්‍රහණය ට මනා පිටුබලයක් වී ඇත .

ජනාධිපති මැතිවරණ කාලයේ තමන් ගැන අධි තක්සේරුවෙන් සිටි සජිත් තමන්ගේ මෝටරය හොඳ බවත් ඇන්ජිම හොඳ බවත් සියලූ නට් තද කර ඇති බවත් කියමින් ඡන්ද වේදිකාවේ දී විහිළු සැපයූ ආකාරය අපට මතකය .ඔහු දැන් නැවතත් එවැනි ප්‍රකාශ කරන්නට පටන්ගෙන තිබේ. කොරෝනා ආසාදිත රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධනයට කොළඹ හිල්ටන් හෝටලය වහා ලබාදිය යුතු බවත් හෝටලයේ දැනට රැඳී සිටින විදේශිකයන් ඉවත් කළ යුතු බවටයුතු බවටත් සජිත් ප්‍රේමදාස විසින් ඊයේ කරන ලද ප්‍රකාශය සමාජයේ මහත් ආන්දෝලනයට ලක්ව තිබේ .මුදල් ගෙවා කාමර වල සිටින සංචාරකයන් මහමගට ඇද දමා කොරෝනා නිරෝධායනය සඳහා හිල්ටන් හෝටලය භාවිතා කිරීමේ හැකියාවක් නොමැති බව හොඳින්ම දන්නා ඔහු මෙවැනි විහිළු කතා කියන්නේ කුමක් නිසාදැයි මෙරට සමාජ මාධ්‍ය ජාලා විසින්ද ප්‍රශ්න කර ඇත. තමන් රාජ්‍ය පාලනයේ සිටියානම් එම පිරිසට සුපිරි සැප දෙන බවත් වහාම රටේ තෙල් මිල සියයට පනහකින් අඩු කර සමාජයට සහන සලසන බවත් සජිත් වැඩිදුරටත් එහිදී කීය. එසේම රටේ උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නය 24 පැයක් තුළ එක පෑන් පහරකින් විසඳන බවටද ඔහු ජනතාවට ප්‍රතිඥාවක් දුනි.සජිත් ප්‍රතිඥා දෙන උපාධිධාරී රැකියා ප්‍රශ්නය පසුගිය සතිය වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා විසඳා හමාර වී තිබුණත් සජිත් මෙම කතාව ප්‍රකාශ කළේ සිය දේශපාලන කුහකකම ප්‍රදර්ශනය කරමින් බව දේශපාලන විචාරකයෝ සඳහන් කරති.පසුගිය වසර පහේ යහපාලන ආණ්ඩු කාලය තුළ ඔහු මේවා සම්බන්ධ කළේ කුමක්ද කියා ද ඔවුහු ප්‍රශ්න කරති .

මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදී මෙවැනි අනුවන ප්‍රකාශ කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතා ප්‍රසාදය මැද ගෙනයන සැලසුම්සහගත වැඩපිළිවෙළ පරාජය කරන්නට ඔහුට උපදෙස් දෙන ඔහුගේ න්‍යාය ආචාර්යවරුන් ලෙස කටයුතු කරන චම්පික රණවක රාජිත සේනාරත්න ඇතුළු පිරිසෙන් චම්පික රණවකගේ එකම අරමුණ මහ මැතිවරණයෙන්ද සජිත් පරාජය කොට ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගැනීමයි. එය නොදැන එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමේ පාපකර්මයට ද කර ගසා සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ දෙවන මැතිවරණ පරාජය ලබන අප්‍රේල් 26 වැනිදා නිත්‍ය වශයෙන්ම සිදු වනු ඇති බවට පූර්ව ජනමත සමීක්ෂණ ගණනාවක් විසින් දැනටමත් අනාවරණය කර තිබේ .

Leave a reply: