එන්නතට විරුද්ධව තානාපතිවරුන්ට ගතු කියන ලොක්කෙක් !

ශ්‍රී ලංකාවට කොරෝනා මර්දන එන්නත සැපයීමට සූදානමින් සිටින ඉන්දියාවේ ,චීනයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ තානාපතිවරුන් ට ගතු කියමින් ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන කඩාකප්පල් කිරීමට තැත් කරන පාරාජිකා වූ විපක්ෂ ලොක්කෙක් ගැන රජයේ බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබේ .

නිතරම මේ තැනැත්තා අදාළ තානාපතිවරුන් ට කතා කරමින් වත්මන් රජයට කොරෝනා මර්දනය සඳහා සැලසුමක් නැති බවත් එන්නත් ආධාර අපතේ යා හැකි බවත් කියා ඇතැයි වාර්තා වෙයි .සැමදාම යම් රජයක් රටට යහපත් දෙයක් කරන්නට තැත් කරන විට කුහක දේශපාලනයක යෙදෙන මේ විපක්ෂ ලොක්කා අද අවලංගු කාසියක් බවට පත්ව ඇතත් තමන්ගේ පරණ පුරුදු
අත්හැර නැත .

මෙරට හිටපු අගමැතිවරයෙකු වන රනිල් වික්‍රමසිංහ පසුගිය දින කිහිපයේම ප්‍රසිද්ධ සභාවල කතා පවත්වමින් රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ දැඩිව විවේචනය කළේය .

ආණ්ඩුව එන්නතට මුදල් වෙන්කර නැතැයි කී රනිල් එන්නත්කරණ සැලසුමක් නැතැයි ද තානාපතිවරුන් ට මේ ගැන කතා කර නැතැයි ද කියමින් කරන ලද ප්‍රකාශ අසත්‍ය බව රජය කියයි.

ඒ සමඟ කොරෝනා එන්නත ළඟදීම ගෙනෙන බව කියමින් රජය ජනතාව මුලා කරන්නේ යැයිද රනිල් පැවසීය .එහෙත් රජය එන්නත් ලබා ගන්නට සියලු සැලසුම් සකස් කර හමාරය .මුදල්ද වෙන් කර තිබේ .රජය ඒවා කරන්නේ රනිල්ට කියමින් නොවේ.එබැවින් දැන්වත් ඔහුගේ මේ කුහක ජනතා ද්‍රෝහි ප්‍රතිපත්තිය වෙනස් විය යුතු බව ආණ්ඩුවේ මතයයි .

Leave a reply: