එන්නත ගැන රනිල් කී කතා බොරුවෙයි.

කොරෝනා මර්ධන එන්නතක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා කිසිම සැලැස්මක් හෝ වැඩපිළිවෙළක් නැතැයි දිගින් දිගටම රජයට චෝදනා කළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ අනාවැකි සියල්ල බොරු කරමින් ලබන සතියේ ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නත ශ්‍රී ලංකාවට ලබා ගන්නා බව රජය ප්‍රකාශ කරයි .

මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මෙහෙයුමෙන් ඉන්දියාවේ සීරම් ඖෂධ නිෂ්පාදන සමාගම විසින් නිපදවන එන්නත් ලක්ෂ පහක් මෙලෙස මුලින්ම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත. මෙය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ශ්‍රී ලංකාවට කරනු ලබන පරිත්‍යාගයක් වශයෙනි .ශ්‍රී ලංකාවට ලැබෙන මෙම කොවිිශීල්ඩ් එක එන්නතක වටිනාකම ඇමරිකානු ඩොලර් හතරකි.ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රදානය කරනු ලබන එන්නත් වල වටිනාකම ඩොලර් ලක්ෂ විස්සක් පමණ වනු ඇත.සියයට අසූවත් සියයට අනු දෙකත් අතර සාර්ථකත්වයක් පෙන්වා ඇති මෙම එන්නත් සාමාන්‍ය ශීතකරණ වල ගබඩා කර තැබීමට හැකි වීමද විශේෂයකි. එන්නත් ලැබුණු පසු ඒවා ජනතාව වෙත ලබා දීම සඳහා අවශ්‍ය කරන පෙරහුරු මෙම සතිඅන්තයේදී කොළඹ අවට ප්‍රාදේශීය රෝහල් කිහිපයකදීම ක්‍රියාත්මක කෙරිණි.ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එන්නත් කරන කමිටුවේ සභාපති ලලිත් වීරතුංග මහතාගේ මෙහෙයුමෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධරයන්ගේ ද අනුග්‍රහය ඇතිව දීපව්‍යාප්ත එන්නත් කරන සැලසුමක් සකස් කොට තිබේ.පළමුවෙන් ලැබෙන එන්නත් තොගය ජනතාව වෙත ලබාදීමෙන් පසුව රජය විසින් මිලදී ගනු ලබන සෙසු එන්නත් තොග කිහිපයක් ඉදිරි මස තුළ ශ්‍රී ලංකාවට ලැබෙන බව රජයේ එන්නත් කරන කමිටුව පවසයි.

කොරෝනාව ලෝකයේ කිසිදු රටකට පාලනය කරගත නොහැකිි බරපතළ රෝගී තත්ත්වයකි.එය රට තුළ ව්‍යාප්තවී ජනතාව විපතට පත්ව සිටින අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රට නොමග යවමින් කොරෝනා එන්නත් කරන වැඩපිළිවෙළ විවේචනය කිරීමට වේදිකා ගානේ කතා පවත්වමින් කරනු ලබන බංකොලොත් දේශපාලනයට හොඳ පිළිතුරක් සපයමින් එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක ලෙස ඉදිරියට යමින් තිබේ.එනිසා රනිල් වික්‍රමසිංහ කෙරෙහි තිබූ ජනතා ප්‍රසාදයේඅන්තිම බින්දුවද දියවීගීය බව රජය පවසයි.

Leave a reply: