එෆ්.සී අයි ඩී . දෙවන නඩුවත් විසි වෙයි. ලලිත් වීරතුංග අනූෂ පැල්පිට නිදහස්.

යහපාලන රජය මගින් දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා පිහිටුවා තිබූ එෆ් සීඅයිඩී ආයතනය විසින් මෙහෙයවූ දෙවන දේශපාලන පළිගැනීමේ නඩුව අද කොළඹ අභියාචනාධිකරණය විසින් විසි කොට ඉවත දමනු ලැබීය.ඒ අනුව සුප්‍රකට සිල්රෙදි නඩුවෙන් දඬුවම් ලබා සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ හිටපු විදුලි සංදේශ නියාමන අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරු සම්පූර්ණයෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබීය .

මෙම නඩුවෙන් චෝදනා ලැබූ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නගා තිබූ කිසිදු චෝදනාවක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නැතැයි එම නඩු තීන්දුව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පැවසූහ .මූලික නඩු තීන්දුව මගින් විනිසුරු ගිහාන් කුලතුංග විසින් ඔවුනට සිර දඬුවම් සහ විශාල දඩ මුදල් නියම කොට තිබිණි .

හිටපු ඇමතිවරුන් වන චම්පික රණවක සහ රාජිත සේනාරත්න ඇතුළු යහපාලන ජුන්ටාවේ උවමනාව මත රාජපක්ෂ රජයේ හිතුවතුන් මර්දනය කිරීම සඳහා ගෙනගිය වැඩපිළිවෙල ඒ සමඟ දෙවන වරටත් පරාජය ලැබීය. මෙයට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ට එරෙහිව බොරු චෝදනා මත පැවරූ නඩුව ද අධිකරණයෙන් විසි කර දමනු ලැබීය.

මෙවර ලබා දුන් නඩු තීන්දුව මගින් ලලිත් වීරතුංග මහතා ගේ රාජ්‍ය සේවාවන් සම්බන්ධව විශේෂ සහතිකයක් ලබා දීම ද වැදගත් කරුණකි.නඩු තීන්දුවෙන් පසුව මාධ්‍යට ප්‍රකාශයක් කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහතුන් සඳහන් කළේ මෙය තමන් ලැබූ පුද්ගලික ජයග්‍රහණයක් නොව මෙරට සමස්ත රාජ්‍ය සේවයම ලද ජයග්‍රහණයක් බවයි.

Leave a reply: