එ.ජා.පයෙන් හැලුණු කරු ජයසූරිය ට සාධාරණ සමාජය මතක් වෙයි

ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාව ලෙස පෙනී සිටිමින් යහපාලන රජය මගින් අයුක්තිය අසාධාරණය නීතිගත කළ කරු ජයසූරිය ට හදිසියේම සාධාරණ සමාජය මතක් වී තිබේ .එම නිසා ඔහු තවත් එන්.ජී.ඕ කප්පිත්තන් පිරිසක් සමඟ සාධාරණ සමාජයක් සංවිධානය පණගන්වා එහි සභාපති පදවිය ට පත් විය.

ඔහු විසින් යහපාලන රජය කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නම් ආයතනය දේශපාලනීකරණය කර විනාශ කළේය .කරු ජයසූරිය පුද්ගලිකව මැදිහත් වී බොරු ලිපි ගොනු සාදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ ට හිමිවෙන්නට නියමිත වූ පොලිස්පති ධුරයට පූජිත් ජයසුන්දර පත් කර සිදු කළේ මහත් අකටයුත්තකි.මානසික ආබාධයක් නිසා පදවියෙන් ඉවත් කළ තැනැත්තෙක් හුදු රාජපක්ෂ විරෝධය නිසාම ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළේය .රාජපක්ෂ විරෝධීන් තෝර තෝරා ජ්‍යෙෂ්ඨයන් කපා දමමින් තවත් ජ්‍යෙෂ්ඨ නඩුකාරවරුන් ගණනාවක් විශ්‍රාම ගැන්වීය.සුහද ගම්ලත් ජනාධිපති නීතිඥවරයා ට නීතිපති ධුරය අහිමි කොට දප්පුල ද ලිවේරා පත් කළේය .ඔහු දැන් නියමෙට රාජකාරි කරයි.රාජන් හූල් වැනි අමු එන්.ජී.ඕ කරුවන් ජන්ද කොමිසම ට පත් කොට ජන්ද කොමිසම විහිලුවක් කළේය .

එපමණක් නොවේ.හිටපු විගණකාධිපති බැඳුම්කර වංචාව හෙළි කළ නිසා ඔහුට නියමිත වැටුප නොදුන්නේය.නිල රථය පවා අහිමි කලේය .මෙබඳු තවත් අසාධාරණකම් රැසකට කරු ජයසූරියලා වග කිව යුතුය .එහෙව් කරු ජයසූරිය දැන් රටට සාධාරණ සමාජයක් හදන්නට යයි.

මුලින්ම ඔය සමාජය හදන්නට හැදූ මාදුලුවාවේ සෝභිත හිමියන් අවසන් හුස්ම හෙලන්නට පෙර උන්වහන්සේ බලන්න ට ගිය මහින්ද රාජපක්ෂ ට කීවේ ‘මහත්තයෝ මට වැරදුණා ‘ කියාය .උන්වහන්සේ අපවත් වීමෙන් පසු සරත් විජේසූරිය ඊට පත් විය .ඔහුද නන්නත්තාර විය .දැන් දේශපාලන වශයෙන් නන්නත්තාර වී සිටින කරු ජයසූරිය පත්ව සිටී.ඔහුට සිදුවන්නේත් ඒ ටිකමය.

Leave a reply: