එ.ජා.ප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල්ම

එක්සත් ජාතික පක්ෂය ට ලැබී තිබෙන මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා ට පත්වීම සඳහා සියුම් සැලසුමක් දියත් කර තිබේ .එහෙත් ප්‍රසිද්ධියේ ඔහු ප්‍රකාශ කරන්නේ මහ මැතිවරණයෙන් පරාජය වූ කිසිවෙකු ජාතික ලැයිස්තුවෙන් පත් නොකරන බවය .ඒ සමඟ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කාලයෙන් කාලයට කීප දෙනෙක් අතර බෙදා ගැනීමට තීන්දු කර ඇතැයි ද ප්‍රකාශ කර ඇත .

මේ සියලු ප්‍රකාශ හා නිවේදනවල අවසන් අරමුණ ඉදිරි වසර 5ක කාලය සඳහාත් රනිල් වික්‍රමසිංහ මහතාම මන්ත්‍රී ධුරයට පත්වීම බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි .රනිල් දැන් පක්ෂය තුළ වඩාත් සමීප වී ඇත්තේ සාගල රත්නායකට ය.අකිල විරාජ් මහලේකම්වරයා පවා රනිල් සමඟ අමනාපයෙන් පිටව ගොස් තිබේ .රනිල් වික්‍රමසිංහ මහතා තවත් වරක් පාර්ලිමේන්තු ඒමට උත්සාහ කරන්නේ අවුරුදු 50 ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයා ලෙස ඉතිහාසගත වන්නටය .

දැන් ඔහුගේ පාර්ලිමේන්තු කාලයට වසර 43 කි.මීට පෙර වැඩිම කලක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරා වාර්තාවක් තබා ඇත්තේ වසර 47 ක් පාර්ලිමේන්තුවේ සිටි මෛත්‍රීපාල සේනානායක මහතා ය.

Leave a reply: