එ.ජා .ප නායකයා හමුවීම මන්ත්‍රීවරු ප්‍රතික්ෂේප කරති

එ .ජා .ප යේ සජිත් පිල වෙනම දේශපාලන සන්ධානයක් සකස් කිරීමට තීරණය කිරීමත් සමග බෙහෙවින් කලබලයට පත්වී සිටින පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එ .ජා .ප මන්ත්‍රීවරුන් වෙන වෙනම මුණගැසී සහාය ඉල්ලා සිටීමට තීරණය කර ඇත .ඒ අනුව රනිල් හිතවාදී කණ්ඩායමේ නායකයා වන අකිල විරාජ් කාරියවසම් ඇතුළු පිරිස හරහා මන්ත්‍රීවරුන් වෙත පණිවිඩ යවමින් කඩිනමින් පැමිණ තමා හමුවන්නැයි දැනුම් දී ඇත .

මෙලෙස පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීන් 14 දෙනෙකු ට පමණ පසුගිය දින දෙක තුළ රනිල් හමුවට පැමිණෙන්නයැයි දන්වා තිබුණි .නමුත් ඒ සියලු දෙනා රනිල් ගේ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර තමන් සජිත් ප්‍රේමදාස සමග වෙනම සන්ධානගත වීමට තීන්දු කළ බව කියා ඇත .එ.ජා .ප පෙරමුණේ නායකයන් වන රවුෆ් හකීම් ,රිෂාඩ් බදුර්දීන් ,දිගම්බරම් ඇතුළු පිරිස ද රනිල් ට එම පණිවිඩය ලබා දී තිබේ .එම නිසා රනිල් වික්‍රමසිංහ දැන් බෙහෙවින් අසරණ තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ .

Leave a reply: