එ.ජා .ප යේ ඉරිතැලීම තහවුරු වෙයි සජිත් පිල නාම යෝජනා කැදවයි

එ.ජා .ප යේ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව බල අරගලයක යෙදී සිටින සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ගේ කණ්ඩායම වෙනම මහ මැතිවරණය තරග කිරීමට තීන්දු කළේය .සජිත් පිලේ න්‍යායාචාර්‍යවරයා ලෙස කටයුතු කරන චම්පික රණවක ගේ අදහසක් අනුව ඊයේ මෙම තීරණය ගත් බව වාර්තා වෙයි .

ඒ අනුව මහ මැතිවරණය සදහා සජිත් ලාගේ සමගි ජාතික බලවේගයෙන් මැතිවරණය තරග කිරීමට කැමති අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ අයදුම්පත් කැදවීමට තීන්දු කළේය .ලබන සතියේදී මැතිසබය විසුරුවා හැරීමත් සමග මෙම අයදුම්පත් කැදවීම ප්‍රකාශයට පත් කෙරේ .

එ.ජා .ප යේ දැනට සිටින ආසන සංවිධායකයන්ටත් ,පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ටත් සන්ධානයේ සාමාජිකත්වය ලබාගෙන මැතිවරණයට තරග කිරීමට අවස්ථාව ඇතැයි සජිත් පිල පවසයි .

ඒ අතර එ .ජා .ප ය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත අකිල විරාජ් කාරියවසම් මහ ලේකම්වරයාද මැතිවරණ අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැදවා තිබේ .පක්ෂය නොබෙදා මෙම බල අරගලය විසදා ගැනීමට සජිත් පිල හා රනිල් පිල කිසියම් එකගතාවයකට පත්වුවත් චම්පික රණවක ගේ සැලසුමක් නිසා එය අඩාල විය .නියත වශයෙන් සජිත් පිල පරාජයට පත්වන මෙම මහ මැතිවරණයෙන් පසුව ජනාධිපතිවරණයෙන් ද පරාජිත සජිත් අවලංගු කාසියක් බවට පත්වන නිසා 2025 වන විට සජිත් පන්නා දමා එ .ජා .ප යේ බලය අල්ලා ගැනීම චම්පික ගේ සැලසුම බව රනිල් පිල පවසයි .

Leave a reply: