ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

එ.ජා.ප යේ මහ ජන්ද සටන අවුලින් අවුලට යයි

මේ වසරේ අප්‍රේල් මස පැවැත්වෙන මහ මැතිවරණය මෙහෙයවීම සදහා නායකයෙක් සොයා ගැනීමට නොහැකිව එ.ජා .ප යේ ප්‍රබලයන් විශාල අර්බුදයකට මුහුණ දී ඇතැයි කොලඹින් වාර්තා වේ .

එ.ජා .ප යේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස තමන්ට පක්ෂ නායකත්වය නොලැබෙන්නේනම් මැතිවරණ මෙහෙයුම බාර නොගන්නා බවත් අගමැති අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රකාශ කර තිබේ .
එහෙත් රනිල් වික්‍රමසිංහ යෝජනා කරන විකල්ප සැලසුම වන නායකත්ව මණ්ඩලයක් පිහිටුවීමට ද සජිත් හා ඔහුගේ හිතවාදින් විරෝධය පල කරති .

එ.ජා .ප යේ තවත් ප්‍රබලයෙකු වන කතානායක කරු ජයසූරිය ට ජන්ද මෙහෙයුම පැවරිය යුතු යැයි යෝජනා වී ඇතත් ඔහු කලකට පෙර පක්ෂ මාරු කර නැවත එ.ජා .ප යට පැමිණි බැවින් පක්ෂය තුළ මෙන්ම රටේද පිලිගැනීමක් නැතැයි එ .ජා .ප ප්‍රබලයන් රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත .එම නිසා එ .ජා .ප ය වෙනුවෙන් මහ මැතිවරණය මෙහෙයවීමට සුදුස්සකු සොයා ගැනීම බරපතළ ගැටලුවක් වී ඇතැයි එහි ප්‍රබලයෝ පවසති .

Leave a reply: