ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

එ.ජා .ප යේ වියවුල් මැද රනිල් ඉන්දියාවට

එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයට තරග කිරීම සඳහා පිහිටුවීමට යෝජිත සන්ධානයේ ජන්ද සළකුණ සහ පක්ෂ නාමය සම්බන්ධව එකගත්වයක් නොමැතිව බරපතළ අර්බුදයක් හටගෙන තිබියදී මෙම සිකුරාදා (21) එ.ජා .ප නායක රනිල් වික්‍රමසිංහ මහතා දින පහකට ඉන්දියාව බලා යාමට නියමිතය .

ඉන්දියාවේ The Hindu පුවත්පත සංවිධානය කරන සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා බැංගලෝරයට යන රනිල් වික්‍රමසිංහ මහතා ඒ අවස්ථාවට පැමිණෙන ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා මුණගැසීමටද නියමිතය .අනතුරුව බැංගලෝරයේ දින දෙකක පමණ නිවාඩුවක් ගත කරන හෙතෙම ඉන්දියාවේ සුප්‍රකට ගුරු වායුර් කෝවිලේ දේව පූජාවකට සහභාගි වීමට නියමිතය .මෙහිදී ඔහු තමන්ගේ දේශපාලන අනාගතය රැක ගැනීම සඳහා විශේෂ බාරයක් වීමට නියමිත බව කියවේ.

මෙලෙස එක්සත් ජාතික පක්ෂ නායකයා විදේශ ගත වී සිටින බැවින් පක්ෂයේ දේශපාලන අවුල විසදීම තවත් සති කිහිපයකින් කල් යනු ඇතැයි එ.ජා .ප ආරංචි මාර්ග කියයි .එසේ වුවහොත් මැති සබය විසුරුවා හරින තෙක් පක්ෂ අර්බුදය දිගටම පවතිනු ඇත.

Leave a reply: