එ.ජා.ප ය දමිළ බෙදුම්වාදීන් සමග ගිවිසුමක

ජනාධිපතිවරණයේදී දෙමළ සන්ධානයේ සහාය එ.ජා.ප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන්නේ ඔහු දෙමළ සන්ධානය ඉදිරිපත් කළ බෙදුම්වාදී යෝජනා 13ට රහසින් එකග වී ඇති නිසායැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉරිදා විපක්ෂ නායක නිල නිවසේදී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය. මේ ගැන වැඩිදුරටත් කරුණු දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා එ.ජා .ප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සජිත් ප්‍රේමදාස ට දෙමළ සන්ධාන සහයෝගය හිමි වන බව දැනටමත් මාධ්‍ය ට ප්‍රකාශ කර ඇත්තේ මේ රහසිගත එකගතාව අනුවයැයිද පැවසීය.

වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ කොටි සංවිධානය ට නොමිලේ අවි ආයුධ සහ මුදල් තොග පිටින් පරිත්‍යාග කළ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගේ පුත්‍රයා වන සජිත් පියාණන්ගේ අඩි පාරේ ගමන් කරමින් බෙදුම්වාදීන් සතුටු කිරීමට ක්‍රියා කිරීම සැබැවින්ම ඛෙදවාචකයක්‍ බව ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කීය.

Leave a reply: