ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

එ.ජා.ප ය රජයෙන් සිරිකොත ට ආරක්ෂාව ඉල්ලයි

මහ මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මාසයේදී එ.ජා .ප මූලස්ථානය වන කෝට්ටේ සිරිකොත මන්දිරය ට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදන ලෙස එ.ජා .ප ය ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ .ඒ අනුව ආරක්ෂක ඇස්තමේන්තුවක් සිදු කර සිරිකොත ට එස්.ටී.එෆ් ආරක්ෂාවක් ලබා දෙනු ඇතැයි දැනගන්නට ඇත .

එ.ජා .ප යෙන් කැඩී ගොස් පක්ෂ තහනමකට සහ පක්ෂයේ විනය පරීක්ෂණ වලට මුහුණ දී සිටින සජිත් පිල ජන්දයෙන් පසු සිරිකොත අල්ලා ගන්නා බව ට කළ තර්ජනය නිසා මෙලෙස සිරිකොත ට පොලිස් ආරක්ෂාව ඉල්ලා තිබේ .

තම පක්ෂ සාමාජිකත්වය තහවුරු කරගන්න ට උසාවි ගිය සජිත් පිලේ ඉල්ලීම් ගණනාවක් උසාවිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ .

ඒ නිසා දැන් නීතිය හමුවේ අසරණව සිටින සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ අගෝස්තු මස 5 වැනිදායින් පසු තමන් සිරිකොත ට නැවත පැමිණෙන බවය.

සුජීව සේනසිංහ ,අජිත් පී පෙරේරා ආදීන් මෙලෙස ප්‍රකාශ කිරීම අනිසි තර්ජනයක් හෙයින් රනිල් පිල සිරිකොත ට පොලිස් ආරක්ෂාව සපයන ලෙස ඉල්ලීමක් කර ඇත .

Leave a reply: