එ .ජා .ප සන්ධානය සීසීකඩ යයි

එ.ජා .ප ය සහ එහි හවුල්කාර පක්ෂ විසින් ගොඩනගන්නට හැදූ සන්ධානය නොකෙරෙන වෑයමක් බවට පත්ව ඇත .රනිල් සජිත් ට නායකත්වය නොදෙන්නේනම් වෙනම සන්ධානයක් හදා තරග කරන බවට සජිත් පිල මාධ්‍ය සාකච්ඡා රැසක් තැබුවද සාස්තරකරුවන්ගේ උපදෙස් මත සජිත් සටනින් ඈත්වී තිබේ .එම නිසා සන්ධානයේ හවුල්කාර පක්ෂද එ.ජා .ප සන්ධානයෙන් වෙන් වී වෙන වෙනම මහ මැතිවරණය තරග කිරීමට තීරණය කර ඇත .ඒ අනුව මනෝ ගනේශන්ලාගේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වෙනමත් ,රිෂාඩ් බදුර්දීන් ගේ මුස්ලිම් මහජන කොන්ග්‍රසය වෙනමත් මැතිවරණයට තරග කිරීමට තීන්දු කර තිබේ .

දේශපාලන වශයෙන් අනාථ වී සිටින ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවක ඔහුට විරුද්ධව තිබෙන නඩු වලට මුහුණ දී ගත නොහැකිව සැගවුණු ජීවිතයක් ගත කරමින් සිටින බව වාර්තා වේ .

මෙම අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්න නිසා යූ.එන්.පි යේ නව සන්ධාන කතාව යටපත් වී තිබේ .සජිත් හිතවාදී මන්ත්‍රීවරුන් සහමුලින්ම අනාථ කොට ඇති සජිත් ප්‍රේමදාස කර කියා ගත හැකි දෙයක් නොමැතිව පක්ෂ ප්‍රධානින් මග හරිමින් සිටින බව වාර්තා වේ .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page