කටුනායක ගුවන් තොටුපොළ දැන්ම විවෘත නොවේ

ලෝක ව්‍යාප්ත කොරෝනා රෝග තත්ත්වය නිසා මෙම අගෝස්තු මස 20 දින නැවත විවෘත කිරීමට නියමිතව තිබූ කටුනායක ගුවන් තොටුපොළ විවෘත නොකෙරෙන බව වාර්තා වෙයි .

මැද පෙරදිග ,ඉන්දියාව හා යුරෝපා රටවල කොරෝනා රෝගය තවදුරටත් ප්‍රබල ලෙස ව්‍යාප්ත වෙමින් පවතී.රෝගය යම් මට්ටමකට මර්දනය කරගත් නවසීලන්තය ,චීනය වැනි රටවලද දෙවැනි කොරෝනා රැල්ලක් වර්ධනය වෙමින් තිබේ .එසේම දැන් ශ්‍රී ලංකාව තුළ දිනපතා වාර්තා වන්නේ පිටරට වලින් පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින්නන් අතරින් හඳුනාගන්නා කොරෝනා රෝගීන් පමණි .එම නිසා තත්ත්වය සමනය වන තෙක් තවත් සති කිහිපයක් කටුනායක ගුවන් තොටුපොළ වසා තැබෙනු ඇත .

එහෙත් තෝරා ගත් මැද පෙරදිග සහ ආසියානු යුරෝපා රටවල් කිහිපයක සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් දිනපතාම විශේෂ ගුවන් යානා මගින් මෙරටට ගෙන්වීමට රජය අවසර දී ඇත .අප රටේ නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ කඩ තිබෙන ආකාරය අනුව මෙම ගුවන් ගමන් සංවිධානය කෙරේ .

Leave a reply: