කටුනායක ගුවන් තොටුපොළ විවෘත කිරීම තවත් සති ගණනකට කල් යයි

කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ විවෘත කිරීමට තවත් මාසයක් පමණ කල් යා හැකි බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය .දැනට මෙරට කොරෝනා රෝගය පාලනය වී ඇතත් කුවේට් වැනි විදේශ රටවලින් පැමිණෙන පිරිස් සිය ගණනක් මෙම රෝගය ට ගොදුරු වීම නිසා ගුවන් තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය අංශ විරෝධය දක්වා තිබේ .

ගුවන් තොටුපොළ විවෘත කළහොත් මෙරටට එන සියලු මගීන් නිරෝධායනය කළ යුතුය .එලෙස පැමිණෙන දහස් ගණනක් මගීන් නිරෝධායනය ට පහසුකම් සැපයීම දුෂ්කරය.ඊටත් වඩා එම තැනැත්තන් වෙතින් මෙරට පොදු ජන සමාජය ට රෝගය පැතිර යා හැකි බැවින් ගුවන් තොටුපොළ විවෘත කිරීම අත් හිටුවීමට රජය ට සිදුවිය .ඒ අතර මැද පෙරදිගින් මෙරට ගුවන් යානා යවා මගින් ගෙන්වා ගැනීම ද නතර කෙරිණි.ගුවන් යානා කාර්ය මණ්ඩල පවා ඒ නිසා අනතුරකට මුහුණ දෙන බැවින් රජය මෙම තීන්දුව ගෙන ඇත .

Leave a reply: